මෙලොව භුක්ති විඳින්නකි. මෙලොව භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ ධාර්මික කාන්තාවය

මෙලොව භුක්ති විඳින්නකි. මෙලොව භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ ධාර්මික කාන්තාවය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මෙලොව භුක්ති විඳින්නකි. මෙලොව භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ ධාර්මික කාන්තාවය."

[صحيح] [رواه مسلم]

الشرح

සැබැවින්ම මෙලොව වනාහි, එහි ඇති දෑ ටික කලකට භුක්ති විඳිනු ලබන අතර පසුව ඒවා ඉවත්ව යයි. සැබැවින්ම එසේ භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ දැහැමි කාන්තාවය. ස්වාමිපුරුෂයා ඇය වෙත බලන විට ඇය ඔහුව සතුටු කරයි. ඇයට අණ කළ විට ඇය අවනත වෙයි. ඇයගෙන් දුරස් වූ විට ඔහුව ඇය තුළ ආරක්ෂා කරන අතර ඔහුගේ ධනය ද ඇය ආරක්ෂා කරනු ඇත.

فوائد الحديث

අල්ලාහ් තම ගැත්තන්හට අනුමත කර ඇති මෙලොව යහපත් දෑ කිසිදු නාස්තියකින් හෝ වංචාවකින් තොරව භුක්ති විඳීමේ අනුමැතිය.

දැහැමි බිරියක් තෝරා ගැනීම සඳහා උනන්දු කරවීම. හේතුව සැබැවින්ම තම පරමාධිපතිට අවනත වන සැමියාට ඇය සහකාරියක් වන බැවිනි.

මෙලොව භුක්ති විඳින භාණ්ඩ අතරින් උතුම් වනුයේ අල්ලාහ්ට අවනත වීමේ දී වන දෑ හා ඒ සඳහා උපකාර කරන දෑය.

التصنيفات

කාන්තාවන් හා බැඳි නීති