රනට රන් අතිනතට මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි. රිදියට රිදිය, අතිනතට මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි.…

රනට රන් අතිනතට මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි. රිදියට රිදිය, අතිනතට මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි. තිරිඟු තිරිඟුවට අතිනත මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි. බාර්ලි වලට බාර්ලි අතිනතට මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි.

උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.රනට රන් අතිනතට මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි. රිදියට රිදිය, අතිනතට මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි. තිරිඟු තිරිඟුවට අතිනත මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි. බාර්ලි වලට බාර්ලි අතිනතට මිස (ප්රමාද කොට) හුවමාරු කිරීම පොලියකි.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

මෙම හදීසයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා, පොළිය ගනුදෙනු වන ව්යාපාර ක්රම අතුරින් නිවැරැදි ව්යාපාර ක්රමය කුමක් දැයි පැහැදිලි කළහ. එනම් රනට රිදී විකිණීම හෝ රිදියට රන විකිණීමය. ගිවිස ගන්නා වෙළඳ ස්ථානයේ අත්පිට ලෙස වෙළද ගිවිසුම අවසන් කිරීම අවශ්ය වේ. එසේ නොවේ නම් ගිවිසුම නිවැරදි නොවන්නේය. හේතුව එය හුවමාරුවකි. එය නිවැරදි වන්නට නම් අත්පිට ලෙසින් පිහිටීම කොන්දේසියකි. තිරිගු වෙනුවට වෙනත් ධාන්යය හුවමාරු කිරීමද එලෙසමය. ගිවිස ගන්නා ස්ථානයේ ඒ දෙක අතර හුවමාරුව අත්පිට ලෙස පිහිටිය යුතුය. එය අත්පිට ලෙසින් හුවමාරු කිරීමට පෙර වෙන්ව ගිය විට, පොළියට උර දෙන කාරණා මතු වී ගිවිසුම නරක් වී යනු ඇත. එමෙන්ම වර්ගය එක සමාන වූයේ නම් අත්පිට ලෙස හා එක සමානව පිහිටිය යුතු වේ. එය රනට රන් හුවමාරු කරනවාක් මෙනි. එය හොඳ වර්ගයෙන් වෙනස් වුවද එසේමය. වර්ගය වෙනස් වී මූල ද්රව්යය එකිනෙකට සමාන නම් අත්පිට මුදලට ගනු දෙනුව සිදුවිය යුතු අතර එය සමානව පිහිටිය යුතුයි යන කොන්දේසියක් නොමැත. උදාහරණ වශයෙන් රනට මුදල් හුවමාරු කරනවාක් මෙනි. නමුත් මූල ද්රව්යය වෙනස් වූ විට හෝ මුදල් වර්ධනයක් නොවී නම් ගනු දෙනුව අවලංගු කළ යුතුය යන කොන්දේසියක් නැත. එයට කල් දීම හෝ හුවමාරු කිරීමට අනුමැතිය ඇත.

التصنيفات

පොලිය