إعدادات العرض
1- අත්පිට ලෙස මිස රිදී රනට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස තිරිඟු තිරිඟුවට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස බාර්ලි බාර්ලියට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස රට ඉඳි රට ඉඳියට හුවමාරු කිරීම පොලියකි
2- කල් දමා රනට රිදී හුවමාරු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ.
3- රිදී වෙනුවට රිදී ද රන් වෙනුවට රන් ද එකිනෙකට සමාන දැයින් මිස ගනුදෙනු කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළහ. රන් වෙනුවට රිදී අප කැමති පරිදි මිලදී ගැනීමත් රිදී වෙනුවට රන් අප කැමති පරිදි මිලදී ගැනීමත් අපට එතුමා අපට නියෝග කළහ.