ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. තිස්තුන් වරක්…

ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරකක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට හා ෆාතිමාට මෙසේ ප්රකාශ කළ බව අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරකක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න.” තවත් ‘වාර්තාවක තස්බීහ් තිස්හතර වතාවකි.’ තවත් වාර්තාවක ‘තක්බීර් තිස්හතර වතාවකි යැයි සඳහන් වී ඇත.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.]

الشرح

ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය ඇඹරුම් ගලින් තමන් ලබන වෙහෙස ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කොට ඇයගේ පියා වන එතුමාගෙන් සේවකයකු ඉල්ලා සිටියාය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙසේ පැවසූහ: ‘එම සේවකයාට වඩා ශ්රේෂ්ඨ යමක් මම ඔබ දෙදෙනාට කියා දිය යුතු නොවේද! යැයි විමසූහ. පසුව මෙම අනුවාද වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූහ. එනම් සැබැවින්ම ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ නිදියහනට පැමිණි විට ඔවුන් දෙදෙනා නිදන්නට ගත් විට තිස්තුන් වරක් අල්ලාහ් ව සුවිශුද්ධ කරමින් තස්බීහ් කරන ලෙසත් අල්ලාහ්ව ප්රශංසා කරමින් තිස්තුන් වරක් තහ්මීද් ප්රකාශ කරන ලෙසත් අල්ලාහ්ව මහිමයට පත් කරමින් තිස් හතර වතාවක් තක්බීර් පවසන ලෙසත් මග පෙන්වූහ. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙසේ පැවසූහ. මෙය එම සේවකයා ලබන්නට වඩා නුඹලා දෙදෙනාට උතුම් වන්නේය. ඒ අනුව මිනිසා නිදා ගැනීම සඳහා නිදියහනට ගිය විට තිස් තුන් වරක් තස්බීහ් පැවසීමත් තිස්තුන් වරක් තහ්මීද් පැවසීමත් තිස්හතර වරක් තක්බීර් පැවසීමත් -එය සියය පූර්ණ කරනු ඇත.- සුන්නා නබි පිළිවෙත වන්නේය. සැබැවින්ම එය ඔහු නින්දට යන විට අල්ලාහ්ව මෙනෙහි කරමින් නිදන්නාක් මෙන් මිනිසාගේ අවශ්යතා සපුරා ලන්නට එය උදව් වනු ඇත.

التصنيفات

බාධාවන් ඇතිවන අවස්ථාවන්හි කළ යුතු මෙනෙහි කිරීම්