إعدادات العرض
සැබැවින්ම අල්ලාහ් ගැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි: 'සැබැවින්ම, මම පුද්ගලයකුට ආදරය කරමි.…
සැබැවින්ම අල්ලාහ් ගැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි: 'සැබැවින්ම, මම පුද්ගලයකුට ආදරය කරමි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, ජිබ්රීල් ඔහුට ආදරය කරයි
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් ගැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි: 'සැබැවින්ම, මම පුද්ගලයකුට ආදරය කරමි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, ජිබ්රීල් ඔහුට ආදරය කරයි. පසුව අහස් වැසියන්ට ද මෙසේ නිවේදනය කර සිටියි: 'සැබවින්ම, අල්ලාහ් පුද්ගලයකුට ආදරය කර ඇත; එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න;' එවිට අහස් වාසීහු (දේවදූතයන්) ආදරය කරති. පසුව පොළොවේ පිළිගැනීම ඔහුට නියම කරනු ඇත. අල්ලාහ් ගැත්තෙකුට වෛර කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ කියයි: 'මම පුද්ගලයකුට වෛර කරමි, ඔබ ද ඔහුට වෛර කරන්න.' ඒ අනුව ජිබ්රීල් ද ඔහුට වෛර කරනු ඇත. පසුව ජිබ්රීල් අහස් වාසීන් අමතා මෙසේ නිවේදනය කරයි: 'සැබැවින්ම අල්ලාහ් පුද්ගලයකුට වෛර කර ඇත. ඒ නිසා ඔබ ද ඔහුට වෛර කරන්න.' එවිට ඔවුහු ද ඔහුට වෛර කරති. එවිට පොළොවෙහි වෛරය ඔහුට නියම වනු ඇත."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Magyar ქართული Kiswahili Românăالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: "සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කරන, ඔහුගේ නියෝගවලට අවනත වන, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින ඔහුගේ ගැත්තෙකුට ආදරය කළ විට, ඔහු ජිබ්රීල් අමතා මෙසේ පවසයි:" 'සැබැවින්ම, අල්ලාහ් පුද්ගලයකුට ආදරය කරයි. එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න.' එවිට, මලක්වරුන්ගේ ප්‍රධානී ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ද ඔහුට ආදරය කරයි. පසුව අහස් වාසී මලක්වරුන් කැඳවා ඔවුන් අතර මෙසේ නිවේදනය කර සිටියි: 'සැබවින්ම ඔබේ පරමාධිපතියාණන් පුද්ගලයකුට ආදරය කර ඇත; එබැවින් ඔබ ද ඔහුට ආදරය කරන්න;' එවිට අහස් වාසීහු ඔහුට ආදරය කරති. පසුව පොළොවේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතර පිළිගැනීමට ඔහු ව ලක් කරනු ඇත. ඒ අනුව ඔවුහු ඔහුට ආදරය කරති. ඔහු වෙත නැඹුරු වෙති. එමෙන්ම ඔහු ගැන තෘප්තිමත් වෙති. අල්ලාහ් ගැත්තෙකුට වෛර කරන්නේ නම්, ඔහු ජිබ්රීල් අමතා මෙසේ කියයි: 'සැබැවින්ම මම පුද්ගලයකුට වෛර කරමි, ඔබ ද ඔහුට වෛර කරන්න.' ඒ අනුව ජිබ්රීල් ද ඔහුට වෛර කරනු ඇත. පසුව ජිබ්රීල් අහස් වාසීන් අමතා මෙසේ නිවේදනය කරයි: 'සැබැවින්ම ඔබේ පරමාධිපතියාණන් පුද්ගලයකුට වෛර කර ඇත. එබැවින් ඔබ ද ඔහුට වෛර කරන්න.' එවිට ඔවුහු ද ඔහුට වෛර කරති. පසුව පොළොවෙහි දේවත්වය විශ්වාස කරන අයගේ හදවත් තුළ ඔහුට වෛරය නියම වනු ඇත. ඔවුන් ඔහු සමග ක්‍රෝධ වෙති, ඔහුව පිළිකුල් කරති.فوائد الحديث
අබූ මුහම්මද් ඉබ්නු අබූ ජුම්රා තුමා මෙසේ පවසයි: 'සෙසු අයට කලින් මෙම කරුණ ජිබ්රීල් අලයිහිස් සලාම් තුමාට දන්වනු ලැබ ඇත්තේ; උත්තරීතර අල්ලාහ් අබියස අන් අයට වඩා එතුමාට උසස් නිලයක් ඇති බැවිනි.'
කවරෙකුට අල්ලාහ් ප්‍රිය කළේ ද අහස් හා පොළෝ වාසීන් ද ඔහුට ප්‍රිය කරනු ඇත. කවරෙකුට අල්ලාහ් වෛර කළේ ද අහස් හා පොළෝ වාසීන් ද ඔහුට වෛර කරනු ඇත.
"මහපොළොවේ පිළිගැනීම ඔහුට නියම කරනු ලබයි" යන ප්‍රකාශය සම්බන්ධයෙන් අස්-සින්දී තුමා මෙසේ පවසයි: 'එය පොදුවේ සිදුවන්නක් නොවේ. නමුත් අල්ලාහ් අභිමත කරන ප්‍රමාණයට එම පිළිගැනීම මහපොළොවේ සිදුවනු ඇත. දුෂ්ට ජනයා යහපත් අය කෙරෙහි දක්වන සතුරුකම මැනවින් දන්නා කරුණකි.'
අනිවාර්ය හෝ නිර්දේශිත සියලු වර්ගයේ දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමට උනන්දු කිරීම සහ පාපකම් හා නවෝත්පාදන කටයුතුවලින් දුරස් වන්නට අනතුරු ඇඟවීම. මන්ද එය කෝපයට හේතුවක් වන බැවිනි.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "මිනිසුන්ගේ හදවත් තුළ පවතින ආදරය අල්ලාහ්ගේ ආදරය ලෙස මෙමගින් ගනු ලැබේ. එමෙන්ම 'ඔබලා මහපොළොවේ අල්ලාහ්ගේ සාක්ෂිකරුවන් වෙති' යනුවෙන් ජනාසා සම්බන්ධයෙන් පවතින කරුණ ද එය තහවුරු කර සිටියි."
ඉබ්නුල් අරබී අල්-මාලිකී තුමා මෙසේ පවසයි: 'සැබැවින්ම පොළෝ වාසීන් යනුවෙන් අදහස් කරනුයේ ඔහු ගැන හඳුනන්නේ නැති හෝ ඔහු ගැන සවන් දී නැති උදවිය නොව, ඔවුන් අතර ඔහු හඳුනන අය වෙයි.'
التصنيفات
නාම හා ගුණාංග ඒකීයකරණය