إعدادات العرض
ඔබේ මුදලින්, ඔබේ ජීවිතයෙන් හා ඔබේ දිවෙන් මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ට එරෙහිව අරගල කරනු
ඔබේ මුදලින්, ඔබේ ජීවිතයෙන් හා ඔබේ දිවෙන් මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ට එරෙහිව අරගල කරනු
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබේ මුදලින්, ඔබේ ජීවිතයෙන් හා ඔබේ දිවෙන් මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ට එරෙහිව අරගල කරනු."
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو हिन्दी 中文 Kurdî Português Nederlands অসমীয়া Tiếng Việt ગુજરાતી Kiswahili አማርኛ پښتو Hausa ไทยالشرح
දේවත්වය ප්‍රතික්ෂේප කරන කලහාකාරී මිථ්‍යදෘෂ්ටිකයින් සමග අරගල කරන මෙන් ද ඔවුනට මඟපෙන්වීමේ දී තමන්ට හැකි සෑම ක්‍රියාමාර්ගයක් යොදවා කැපවන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එය අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් කරවනු පිණිසය. පළමුවැන්න: ඔවුන් සමග කරන අරගලයේ අවශ්‍ය කළමනා මිලදී ගැනීම, ඒ සඳහා කැපවන මුජාහිද්වරුන් හට වියදම් කිරීම වැනි කටයුතු සඳහා මුදල් වැය කිරීම ය. දෙවැන්න: ඔවුන් හමුවීමටත් ඔවුන් වළක්වාලීමටත් තම ආත්මය හා ශරීරය කැප කිරීම. තුන්වනුව: මෙම දහම වෙතට ඔවුන්ට මුවින් ඇරයුම් කිරීම, ඔවුනට සාධක ඉදිරිපත් කිරීම, ඔවුන්ව නරකින් වැළක්වීම හා ඔවුනට ප්‍රතිචාර දැක්වීමය.فوائد الحديث
මිථ්‍යදෘෂ්ටික බහුදේව වාදීන් සමග ජීවිත පුදමින්, ධනය වැය කරමින් හා මුවින් දැනුම්වත් කරමින් තමන්ගේ සියලු හැකියාවන්ට අනුව අරගල කිරීමට උනන්දු කරවීම. සැබැවින්ම අරගලය යනු ජීවිතය පිදීම මත පමණක් සීමාවන්නක් නොවේ.
අරගල කිරීම සඳහා කර ඇති නියෝගය අනිවාර්යය වගකීමකි. ඇතැම් විට ෆර්ලු අයින් හෙවත් සැමට අතිශය අනිවාර්යය කටයුත්තක් වන අතර ඇතැම් විට ෆර්ලු කිෆායා හෙවත් පිරිසකට පමණක් ප්‍රමාණවත් අනිවාර්යය කටයුත්තක් වේ.
අරගල කිරීම කරුණු කිහිපයක් සඳහා අල්ලාහ් නියම කර ඇත. පළමුවැන්න: බහුදේවවාදය හා බහුදේවවාදී මිත්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව අරගල කිරීම. ඊට හේතුව අල්ලාහ් කිසිවිටෙක ෂිර්ක් හෙවත් ඔහුට කරන ආදේශය පිළිගන්නේ නැති බැවිනි. දෙවැන්න: අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ මාර්ගය අවහිර කරන බාධක ඉවත් කිරීම. තුන්වැන්න: අකීදා හෙවත් ප්‍රතිපත්තිය, ඊට පටහැනි විශ්වාසයන්ගෙන් ආරක්ෂා කිරීම. සිව්වැන්න: මුස්ලිම්වරුන්, ඔවුන්ගේ දේශයන්, ඔවුන්ගේ මාන්‍යය හා ඔවුන්ගේ දේපළ ආරක්ෂා කිරීම.
التصنيفات
අරගල කිරීමේ නීතිය