إعدادات العرض
"මත් බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය."
"මත් බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය."
අබූ බුර්දා තුමා තම පියාණන් වූ අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමාගෙන් ලබා මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යමන් දේශයට එතුමාව යැවූහ. එහි නිශ්පාදිත බීමක් සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුගෙන් විමසා සිටිමින් "මේ කුමක්දැ?"යි ඇසීය. එතුමා "අල්-බිත්උ, වල් මිද්ර්" යනුවෙන් පැවසීය. "බිත්උ" යනු කුමක්දැ?"යි අබූ බුර්දා තුමාගෙන් විමසන ලදී. එතුමා: "එය මී පැණි සාරයයි." 'මිද්ර්' යනු බාර්ලි සාරයයි. එවිට එතුමාණෝ මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. (මෙය ඉමාම් බුහාරි තුමා විසින් වාර් තා කර ඇත.) මුස්ලිම් තුමා ද මෙය වාර්තා කර ඇති අතර එතුමාගේ වදන් පෙළ මෙසේය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මා හා මුආද්ව යමන් දේශයට යැවූහ. එවිට මම: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අපේ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන ලද පානයක් ඇත. එයට බාර්ලි වලින් සාදන ලද අල්-මිZසරු(සාරය) හා පානය යනුවෙන් පවසනු ලැබේ. මී පැණි වලින් සාදන ලද අල්බිත්උ (සාරය) යනුවෙන් පවසනු ලැබේ. එවිට එතුමාණෝ "මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. මුස්ලිම් තුමා සතු වාර්තාවක: එතුමාණෝ මෙසේ පැවසූහ: සලාතයෙන් දුරස් කරමින් මත් බව ඇති කරන සෑම දෙයක්ම හරාම් (තහනම්) වේ. එතුමා සතු තවත් වාර්තවක: "අල්ලාහ්ගේ දූතයාණන් හට ජවාමිඋල් කලිම් හෙවත් අවසානයේ සංශිප්ත චතුර වදන් දෙනු ලැබූහ. එවිට එතුමාණෝ: "සලාතයෙන් මත් කරවන, මත්බව ඇති කරන සැම දෙයක්ම මට තහනම් කරනු ලැබීය." යැයි පැවසුහ.
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof Azərbaycan O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayuالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ව යමන් දේශයට යැවූ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටිමින්, නිෂ්පාදනය කරන ලද පානයක් පිළිබඳව එය තහනම් දැ?යි විමසා සිටිනු ලැබූ අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ ගැන විස්තර කළහ. එවිට අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා: එය අල්-බිත්උ: මී පැණි සාරය හා අල්-මිZසරු: බාර්ලි සාරය යනුවෙන් පැවසීය. ඒ වන විට එතුමාණන්ට ජවාමිඋල් කලිම් හෙවත් සංශිප්ත චතුර වදන් මඟින් දේශනය කිරීමේ හැකියාව ලැබ තිබුණි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ. "මත්බව ඇති කරන සෑම දෙයක්ම හරාම් (තහනම්) වේ."فوائد الحديث
අන්-නබීද් (සාරය) යනු: රට ඉඳි මී පැණි බාර්ලි හා එවැනි වෙනත් දෑ දමන ලද ජලයයි. එමගින් සුවය ඇති; රසවත්; ඉමිහිරි පානයන් ගනු ලැබේ. ඉන් පසු එය පෙරනු ලබයි. එය මත් බව ඇති කරන ද්‍රාවණයක් ලෙසට හැරෙයි.
මත් පැන්, හෂීෂ් හා එවැනි වෙනත් මත් ද්‍රව්‍ය මෙන් මත් බව ඇති කරන සියලු ආකාරයේ වර්ග තහනම් කිරීමේ දී මෙම හදීසය රීතියක් ලෙස ගනු ලැබේ.
මෙය මුස්ලිම්වරයකුට අත්‍යවශ්‍ය වන දෙයක් පිළිබඳ විමසා දැනගැනීමේ වැදගත්කම් පෙන්වා දෙයි.
මත් පැන් තහනම් කරන ලද මුල් අවස්ථාව වූයේ සලාතයේ වේලාව පැමිණි අවස්ථාවකය. ඇතැම් මුහාජිර්වරුන් සලාත් ඉටු කර ඔහුගේ සලාතයේ දී කුර්ආනය පාරායනය කළ කල්හි ඔහුගේ පාරායනයෙහි ගැටළුකාරී තත්ත්වයක් ඇති විය. එවිට උත්තරීතර අල්ලාහ්ගේ වදන පහළ විය. එනම් "අහෝ විශ්වාස කළවුනි, ඔබ මත්බවින් සිටිය දී ඔබ පවසන දෑ කුමක්දැයි ඔබ හඳුනන තෙක් සලාතයට ළං නොවනු." (අන්-නිසා: 43) අල්ලාහ්ගේ දූතයාණන්ගේ නිවේදකයා "මත් බවින් සිටින්නන් සලාතයට ළං නොවිය යුතු යැ"යි නිවේදනය කරමින් සිටියහ. පසුව එය පරිභෝජනයට ගැනීම අල්ලාහ් මෙසේ පවසමින් තහනම් කළේය. "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරා, සූදුව, පිළිම වන්දනාව හා රිටි මඟින් කුසපත් ඇදීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු. (5:90), ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමට හා අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව අවහිර කිරීමටය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?" (5:91)
උත්තරීතර අල්ලාහ් මත් ද්‍රව්‍ය තහනම් කළේ, එහි හිංසනයන් හා බරතපල දූෂණ පිරී පවතින බැවිනි.
තහනම් කිරීමේ පදනම වන්නේ, මත් වීමේ ස්වභාවය එහි තිබීමයි. සාරය මත් බව ඇති කරන්නක් බව විස්තර කෙරේ නම් එය තහනම්ය. එය මත් බව ඇති කරන්නක් බව විස්තර නොකෙරේ නම් එය අනුමත ය.
