إعدادات العرض
“කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක්…
“කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ බිරියක වූ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියක වූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළ බව වාර්තා කරන ලදී. “කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“
[صحيح] [رواه مسلم]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Português Kiswahili অসমীয়া ગુજરાતી Nederlands Hausa മലയാളം Română Magyar ქართული Moore ไทย Македонски తెలుగు मराठी ਪੰਜਾਬੀ دری አማርኛ Malagasy Українська ភាសាខ្មែរ ಕನ್ನಡ Svenska پښتو Wolof नेपाली Shqip Српски မြန်မာالشرح
කවරෙකු උල්හිය්යා වෙනුවෙන් කැප කළ සත්වයකු කපා හරින්නට තීරණය කළේද ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට, ඔහුගේ හිසකෙස් හෝ ඔහුගේ කිහිලි රෝම හෝ උඩු රැවුල හෝ ඒ හැර වෙනත් රෝම මෙන්ම අතේ හෝ පාදයේ ඇති නියපොතු යනාදී කිසිවක් (උල්හිය්යා දෙන තෙක්) ඉවත් නොකළ යුතුය.فوائد الحديث
කවරෙකු දුල් හජ් මස දසවන දින ළඟා වූ පසු උල්හිය්යා දෙන්නට චේතනා කළේ ද ඔහු එසේ චේතනා කළ අවස්ථාවේ සිට උල්හිය්යා දෙන තෙක් ඉහත සඳහන් කරුණුවලින් වැළකී සිටිය යුතුය.
පළමු දිනයේ උල්හිය්යා නොදුන්න ද, අය්යාමුත් තෂ්රීක් අතරින් කවර හෝ දිනයක උල්හිය්යා දෙන තෙක්ම ඒවායින් වැළකී සිටිය යුතු වේ.
التصنيفات
උල්හියියා සත්ව කැපය