إعدادات العرض
සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් කෝපයට පත්වීම යනු,…
සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە தமிழ் ไทย دری Кыргызча or Kinyarwanda नेपाली Română Lietuvių Malagasy ಕನ್ನಡ Oromoo Nederlands Soomaali Српски Українська Wolof Moore ქართული Azərbaycan Magyarالشرح
දේවත්වය විශ්වාස කරන්නා කෝපය, ක්‍රෝධය හා පිළිකුල් කරයි. එලෙසම අල්ලාහ් ද කෝපය, ක්‍රෝධය හා පිළිකුල් කරන්නේය. අල්ලාගේ කෝපයට හේතුව, දේවත්වය විශ්වාස කළ අයට අල්ලාහ් තහනම් කළ කාමමිථ්‍යාචාරය, අනාචාරය, සොරකම, මත්පැන් පානය සහ වෙනත් දුරාචාර ක්‍රියාවන් ඔහු විසින් සිදු කිරීම බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.فوائد الحديث
අල්ලාහ් තහනම් කළ දෑ උල්ලංඝනය කළ විට, ඔහුගේ කෝපයට හා ඔහුගේ දඬුවමට ලක්වීමෙන් ප්‍රවේසම් වීම.
التصنيفات
නාම හා ගුණාංග ඒකීයකරණය