තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.

තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.” තවත් වාර්තාවක “අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන නිවසට හා අල්ලාහ්ව මෙනෙහි කරනු නොලබන නිවසට උපමාව ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

හදීසයේ තේරුම: සැබැවින්ම අල්ලාහ්ව මෙනෙහි කරන්නා ඔහුව මෙනෙහි කිරීම තුළින් ඔහුගේ හදවත අල්ලාහ් ජීවමාන කරයි. ඔහුගේ හදවත ඔහු වෙනුවෙන් පුළුල් කරයි. අල්ලාහ්ව මෙනෙහි කිරීම තුළින් හා එහි අඛණ්ඩව නිරතවීම තුළින් එසේ ජීවය ඇත්තෙකු මෙන් ඔහු පත් වන්නේය. ඊට විරුද්ධව අල්ලාහ්ව මෙනෙහි නොකරන්නා වනාහි කිසිවක් නොමැති, මියගිය ඇත්තෙකු මෙන් වන්නේය. ඔහු ශරීරයෙන් ජීවත් වුව ද හදවතින් මියැදුණෙකි. මෙම උපමාව ඒ ගැන සැලකිලිමත් වීම සඳහාත් අල්ලාහ් පිළිබඳ නොසැළකිලිමත් වන සෑම අවස්ථාවකම සැබැවින්ම ඔහුගේ හදවත දැඩි වන බවත් ඇතැම් විට ඔහුගේ හදවත් මිය යන්නාක් මෙන් පවතින බවත් අවධාරණය කිරීම සඳහා අවැසි වන උපමාවකි. අල්ලාහ් ආරක්ෂා කරත්වා. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “යමෙකු (දේව ප්රතික්ෂේපය හේතුවෙන්) මිය ගිය අයකු ව සිට පසු ව ඔහුට අපි (යහමග තුළින්) ප්රාණය ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමගින් ජනයා අතර ඇවිද යන්නේද එවන් අයකු අන්ධකාරයන්හි සිට එයින් බැහැර ව යා නොහැකි අයකු මෙන් වන්නේද ?”

التصنيفات

උත්තරීතර කීර්තිමත් අල්ලාහ්ව මෙනෙහි කිරීමේ පල ප්රයෝජන