إعدادات العرض
{හජ් වන්දනාකරුවන්ට ජලය සපයා, මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර්…
{හජ් වන්දනාකරුවන්ට ජලය සපයා, මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර් ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? (සූරත් තව්බා: 19) පාඨයේ අවසානය දක්වා
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් ථා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසල සිටිය දී, මිනිසෙක් මෙසේ පැවසීය: "මම ඉස්ලාමය වැළඳගත් පසු හජ් වන්දනාකරුවන්ට ජලය ලබා දීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." තවත් අයෙක් මෙසේ පැවසීය: "මම ඉස්ලාමය වැළඳගත් පසු ශුද්ධ වූ මස්ජිදය නඩත්තු කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." තවත් අයෙක් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ මාර් ගයේ ජිහාද් කිරීම ඔබලා පවසා සිටි දෙයට වඩා හොඳය." උමර් ඔවුන් විසිරුවා හරිමින් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසළ ඔබේ හඬ උස් නොකරන්න. - එය සිකුරාදා දිනයයි! නමුත් මම සිකුරාදා සලාතය ඉටු කළ පසු, ඇතුළට ගොස් ඔබ මතභේදයට ලක් වූ දේ ගැන එතුමාගෙන් විමසා සිටියෙමි." එවිට සර් ව බලධාරී අල්ලාහ් මෙසේ හෙළි කළේය: {හජ් වන්දනාකරුවන්ට ජලය සපයා, මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර් ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? (සූරත් තව්බා: 19) පාඨයේ අවසානය දක්වා.
الترجمة
العربية Português دری Македонски Magyar ქართული Tiếng Việt বাংলা Kurdî Indonesia ไทย অসমীয়া Nederlands ਪੰਜਾਬੀ Tagalog Kiswahili Hausa ភាសាខ្មែរ English ગુજરાતી Русский मराठी മലയാളം ಕನ್ನಡ Српскиالشرح
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ සිහිපත් කර සිටියේය. තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසල වාඩි වී සිටිය දී, "මම ඉස්ලාමය වැළඳගත් පසු හජ් වන්දනාකරුවන්ට ජලය ලබා දීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." යැයි මිනිසෙක් පැවසීය. තවත් අයෙක්: "මම ඉස්ලාමය වැළඳගත් පසු ශුද්ධ වූ මස්ජිදය නඩත්තු කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." යැයි පැවසීය. තවත් අයෙක්: "අල්ලාහ්ගේ මාර් ගයේ ජිහාද් කිරීම ඔබ දෙදෙනා පවසා සිටි දෙයට වඩා හොඳය." යැයි පැවසීය. උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ඔවුන් විසිරුවා හරිමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසළ හඬ උස් නොකරන මෙන් නියෝග කළේය. - එය සිකුරාදා දින උදෑසන කාලය විය. නමුත් මම සිකුරාදා සලාතය ඉටු කළ පසු, ඇතුළට ගොස් ඔබ මතභේදයට ලක් වූ දේ ගැන නබි තුමාණන්ගෙන් විමසා සිටියෙමි." එවිට සර් වබලධාරී අල්ලාහ් මෙසේ හෙළි කළේය: "හජ් වන්දනාකරුවන්ට ජලය සපයා මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර් ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? අල්ලාහ් අබියස ඔවුන් එක සමාන නො වෙති. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ පෙන්වන්නේ නැත." (අත්-තව්බා: 19)فوائد الحديث
යහපත් ක්‍රියාවන්ට ලැබෙන ප්‍රතිඵල හා විපාක එකිනෙකට වෙනස් වේ.
ක්‍රියාවන් විනිශ්චය කරනු ලබන්නේ ෂරියා ප්‍රකාශ කරන දේ අනුව මිස මිනිසුන්ගේ උත්සාහයන් අනුව නොවේ.
අල්ලාහ්ගේ මාර් ගයේ ජිහාද් කිරීමේ මහිමය පිහිටන්නේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කිරීමේ කොන්දේසිය මතය වේ.
නවවි තුමා මෙසේ පවසයි: ජුමුආ දිනයේ හෝ වෙනත් දිනයක හෝ වේවා මස්ජිද්වල උස් හඬින් කතා කිරීමේ පිළිකුල මෙහි සඳහන් වී ඇත. දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සලාතය සඳහා මිනිසුන් ඒකරාශී වූ අවස්ථවක උස් හඬින් කතා නොකළ යුතුය. මන්ද සලාත් ඉටු කරන්නන්හට හා අල්ලාහ්ව මෙනෙහි කරන්නන්හට බාධාවක් හා පීඩාවක් එහි ඇති බැවිනි.
