අපගේ සලාතය ඉටු කරන, අපගේ කිබ්ලා දෙසට මුහුණ ලා සිටින සහ අප විසින් කැපූ මස් අනුභව කරන ඕනෑම අයෙකු, අල්ලාහ්ගේ ගිවිසුම…

අපගේ සලාතය ඉටු කරන, අපගේ කිබ්ලා දෙසට මුහුණ ලා සිටින සහ අප විසින් කැපූ මස් අනුභව කරන ඕනෑම අයෙකු, අල්ලාහ්ගේ ගිවිසුම සහ ඔහුගේ දූතයාණන්ගේ ගිවිසුම සතු වූ මුස්ලිම්වරයකු වේ. එබැවින් අල්ලාහ්ගේ ගිවිසුම කඩ නොකරන්න

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "අපගේ සලාතය ඉටු කරන, අපගේ කිබ්ලා දෙසට මුහුණ ලා සිටින සහ අප විසින් කැපූ මස් අනුභව කරන ඕනෑම අයෙකු, අල්ලාහ්ගේ ගිවිසුම සහ ඔහුගේ දූතයාණන්ගේ ගිවිසුම සතු වූ මුස්ලිම්වරයකු වේ. එබැවින් අල්ලාහ්ගේ ගිවිසුම කඩ නොකරන්න."

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]

الشرح

අපගේ සලාතය මෙන් සලාත් ඉටු කිරීමෙන්, කාබාව අපගේ කිබ්ලාව ලෙස මුහුණලා, සහ අවසර ලත් පරිදි අප විසින් කැපු මස් අනුභව කිරීමෙන් ආගමේ බාහිර චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින ඕනෑම අයෙකු අල්ලාහ්ගේ සහ ඔහුගේ දූතයාගේ විශ්වාසය සහ ගිවිසුම ඇති මුස්ලිම්වරයකු බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. එබැවින් අල්ලාහ් වන ඔහු සමඟ ඇති විශ්වාසය සහ ගිවිසුම කඩ නොකරන්න.

فوائد الحديث

ඉබ්නු රජබ් තුමා මෙසේ පවසයි: මෙම හදීසය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ වගකීම් ඉටු වන තුරු ප්‍රතිපත්තිමය සාක්ෂි දෙක කියවීමෙන් පමණක් රුධිරය ආරක්ෂා නොවන බවත්, ඔවුන්ගේ වගකීම් අතරින් වැදගත්ම දෙය සලාතය බවත්ය. එබැවින්, එය විශේෂයෙන් සඳහන් කර ඇති අතර, තවත් හදීසයක සලාතය සමග සකාත් වගකීමද එකතු කර ඇත.

මිනිසුන්ගේ කටයුතු විනිශ්චය කරනු ලබන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර යථාර් ථය අනුව නොව, ඔවුන්ගේ බාහිර පෙනුම අනුව ය. ආගමේ චාරිත්‍ර වාරිත්‍ර බාහිරව ප්‍රදර් ශනය කරන අයෙකු ඊට පටහැනි වෙනත් ආකාරයකින් පෙන්නුම් නොකළහොත්, එම පුද්ගලයා එහි ජනතාවගේ නීතිවලට යටත් වනු ඇත.

ඉබ්නු රජබ් තුමා මෙසේ පැවසීය: කිබ්ලා දෙසට මුහුණලෑම සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ වක්තෘවරයාට හෙළිදරව් කරන ලද ඔවුන්ගේ ග්‍රන්ථයේ නියම කර ඇති මුස්ලිම්වරුන්ගේ සලාතය ඉටු කිරීම අවශ්‍ය බවට වූ ඇඟවීමකි. එය කඃබා දෙසට හැරී කෙරෙන සලාතයයි. එසේ නොමැති ව, බයිතුල් මක්දිසය අහෝසි කිරීමෙන් පසු යුදෙව්වන් මෙන් නැවත ඒ දෙසටත්, කිතුනුවන් මෙන් නැගෙනහිර දෙසටත් සලාත් ඉටු කරන අයෙකු අල්ලාහ්ගේ ඒකීයභාවයට සාක්ෂි දුන්න ද ඔහු මුස්ලිම්වරයෙකු නොවන්නේය.

මෙය සලාතයේදී කිබ්ලාවට මුහුණ ලෑමේ වැදගත්කම පිළිබඳ සාක්ෂියකි. මන්ද ඒ හැර පිරිසිදුකම වැනි සලාතයේ වෙනත් කිසිදු කොන්දේසියක් මෙහි සඳහන් කර නොමැති බැවිනි.

ඉබ්නු රජබ් තුමා මෙසේ පැවසීය: මුස්ලිම්වරුන් විසින් කපන ලද මස් අනුභව කිරීම පිළිබඳ එතුමාගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඉස්ලාමයේ සියලු බාහිර පිළිවෙත්වලට අනුකූල වීම අවශ්‍ය බවයි. එම බාහිර පිළිවෙත් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨතම පිළිවෙත වන්නේ මුස්ලිම්වරුන් විසින් කපන ලද මස් අනුභව කිරීම සහ සතුන් කැපීමේදී ඔවුන් ද මුස්ලිම්වරුන් සමග එකඟ වීමයි. එසේ කිරීම ප්‍රතික්ෂේප කරන අයෙකු මුස්ලිම්වරයෙකු නොවේ.

التصنيفات

ඉස්ලාමය, සලාතයේ අනිවාර්භාවය හා එය මගහරින්නාගේ නීතිය