إعدادات العرض
එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ
එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ
අබූ අම්රින් - අබූ අම්රා යන නමින් ද හැඳින්වේ - සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් මා අසා නැති ඉස්ලාමයේ ප්‍රකාශයක් මා හට පවසන්නැයි මම පවසා සිටියෙමි. එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ.
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia ئۇيغۇرچە বাংলা Français Türkçe Русский Bosanski हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Nederlands ગુજરાતી Кыргызча नेपाली Yorùbá Lietuvių دری Српски Soomaali тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof Azərbaycan O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ Bambara ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayu Yaoالشرح
සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) නම් සහාබිවරයා තමන් කිසිවකුගෙන් මීට පෙර අසා නැති, තමන් එය පිළිපැදිය යුතු ඉස්ලාමයේ අර්ථ පූර්ණ වූ ප්‍රකාශයක් තමන්ට උගන්වන මෙන් හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට: මම අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරමි. සැබැවින්ම ඔහු මාගේ පරමාධිපතියා ය; මාගේ දෙවිඳා ය; මාගේ මැවුම්කරු ය; සැබෑ ලෙස නැමදුම් ලබන්නා ඔහු ය ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත යන වග මම විශ්වාස කළෙමි යැයි ඔබ පවසන්න. පසුව අල්ලාහ්ගේ නියමයන් ඉටු කිරීමෙන් හා ඔහු තහනම් කළ දෑ අත් හැරීමෙන් ඔහුට අවනත විය යුතු වේ. ඒ මත ස්ථාවරව සිටිය යුතු වේ.فوائد الحديث
දහමේ මූලික හරය වනුයේ අල්ලාහ්ගේ පාලනය, ඔහුගේ දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග විශ්වාස කිරීමය.
එම විශ්වාසය ඇති කර ගත් පසු එහි ස්ථාවරව සිටීම, නැමදුම්වල දී අඛණ්ඩය නිරත වීම හා එහි නොසැළී සිටීමේ වැදගත්කම.
එම විශ්වාසය තමන් කරන ක්‍රියාවන් පිළිගැනීම සඳහා වන කොන්දේසියකි.
අල්ලාහ්ව විශ්වාස කිරීම යනු විශ්වාසයේ ප්‍රතිපත්තීන් හා මූලධර්මයන්ගෙන් විශ්වාස කළ යුතු දෑ ද හදවත් හා බැඳුණු ක්‍රියාවන් අනුගමනය කරන දෑ ද අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරයෙන් අල්ලාහ්ට අවනතවීම හා යටහත්වීම ද ඇතුළත් වේ.
ස්ථාරව සිටීම යනු, යුතුකම් ඉටුකිරීමෙන් හා තහනම් දැයින් දුරස්වීමෙන් එම මාර්ගයෙහි ඇලී සිටීමය.
