මාගේ මිතුරා වූ අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම ලුහා සලාතයේ…

මාගේ මිතුරා වූ අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දී ඇත්තේය.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මාගේ මිතුරා වූ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දී ඇත්තේය.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

ගෞරවණීය නබිතුමාණන්ගේ උපදෙස් තුනක් මෙම හදීසය ඇතුළත් කර ගෙන ඇත. පළමුවැන්න: සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීමට උනන්දු කරවීම. සැබැවින්යම යහපතට කුසල ඒ හා සමාන දහයක් වන බැවින් දින තුනක් උපවාසයේ නිරත වීමෙන් මුළු මාසයක් උපවාසයේ නිරත වූවා හා සමාන වන්නේය. එම දින තුන ඇතැම් හදීස්වල සඳහන් පරිදි චන්ද්ර දින දහ තුන, දහ හතර හා පහළොව යන දිනයන් වීම වඩාත් උතුම්ය. දෙවැන්න: ලුහා සලාතය ඉටු කිරීමයි. එහි අවම රකආත් ගණන රකආත් දෙකකි. විශේෂයෙන්ම මුල් රාත්රයේ දැනුම හැදෑරීමෙහි නිරත වූ අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) වැනි උත්තමයන් මෙන් රාත්රියේ සලාතය ඉටු නොරකන්නන්ගේ වගකීමෙහි එය පවතිනු ඇත. වෙනත් හදීසයක පැමිණ ඇති පරිදි ඒ දෙක ඉටු කිරීමට, වඩාත් උතුම්ම වේලාව වනුයේ ඔටුවන් පොළොවේ රශ්නය හේතුවෙන් නැගිටින්නට බලන මුල් කාලයේය. තුන්වැන්න රාත්රිය අවසානයේ අවදි නොවන්නන්න් එහි වේලාව අතපසු නොවන පරිදි නිදා ගන්නට පෙර විත්ර් ඉටු කළ යුතු වේ.

التصنيفات

ස්වෙච්ඡාවෙන් රකින අතිරේක උපවාසය