ඉස්රාඊල් දරුවෝ තමන්ගේ භාරකරුවන් බවට නබිවරුන් පත් කර ගත්තෝය. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත්…

ඉස්රාඊල් දරුවෝ තමන්ගේ භාරකරුවන් බවට නබිවරුන් පත් කර ගත්තෝය. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු විය. සැබැවින්ම මට පසුව කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු වෙති. ඔවුහු අධිකව සිටිති.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඉස්රාඊල් දරුවෝ තමන්ගේ භාරකරුවන් බවට නබිවරුන් පත් කර ගත්තෝය. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු විය. සැබැවින්ම මට පසුව කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු වෙති. ඔවුහු අධිකව සිටිති.” අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අපට නියෝග කර සිටිනුයේ කුමක්දැ?යි ඔවුහු විමසූහ. එතුමා: “නුඹලා පළමු ප්රතිඥාව ඉටු කරනු. එය වඩාත් උචිතය. පසුව ඔවුන්ගේ අයිතිය ඔවුනට පිරිනමනු. නුඹලාට හිමි දැය අල්ලාහ්ගෙන් පතනු. හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ පාලනය පිළිබඳව ඔවුන්ගෙන් විමසන්නාය.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

භාරකරුවන් හා නායකයින් පාලනය කරන්නාක් මෙන් බනූ ඉස්රාඊල්වරු තම කටයුතු පාලනය කිරීම සඳහා නබිවරුන් භාරකරුවන් ලෙස තෝරාගත්හ. නබිවරයකු මරණයට පත් වූ සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු පැමිණියේය. ඇත්තෙන්ම මගෙන් පසුව කිසිදු නබිවරයකු නැත. නමුත් ජනයා පාලනය කරන කලීෆාවරු බොහෝමයක් දෙනා වෙති. එවිට සහාබාවරු (රළියල්ලාහු අන්හුම්) ඔබෙන් පසුව පාලකයින් බොහෝමයක් සිටින විට ඔවුන් අතර ගැටුම් හා ප්රශ්න ඇති වේ. ඉතින් ඔබ අපට අණ කරනුයේ කුමක් කරන්නට දැ?යි විමසා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට පිළිතුරු දෙමින් “නුඹලා පළමු ප්රතිඥාව ඉටු කරනු. නුඹලාගේ අයිතිය ඔවුන් නුඹලාට නොදුන්න ද ඔවුන්ගේ අයිතිය නුඹලා ඔවුනට පිරිනමනු. හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ අයිතිය පිළිබඳ විමසනු ඇත. ඔවුන් වෙත පැවරුණු නුඹලාගේ වගකීම සම්බන්ධයෙන් නුඹලාට ප්රතිලාභ දෙනු ඇත.

التصنيفات

පෙර විසූ සමූහයන්ගේ කතාන්දර සහ තත්ත්වයන්