إعدادات العرض
මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැර
මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැර
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැර.
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe हिन्दी Tiếng Việt Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം తెలుగు Bosanski ಕನ್ನಡ Kurdî Română Soomaali Shqip Српски Українська Wolof Tagalog Moore தமிழ் Azərbaycan فارسی ქართული 中文 Magyar Português Deutsch Русский Македонски አማርኛ bm Malagasy Oromooالشرح
තම මස්ජිදයේ සලාත් ඉටු කිරීමේ මහිමය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ. සැබැවින්ම එය මහපොළොවේ පිහිටා ඇති සෙසු මස්ජිදයන්හි ඉටු කරන සලාතයට වඩා දහස් ගුණයකින් උතුම්ය. නමුත් මක්කාවේ පිහිටි මස්ජිදුල් හරාමය හැර. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයේ ඉටු කරන සලාතයට වඩා උතුම් වේ.فوائد الحديث
මස්ජිදුල් හරාම්හි සහ මස්ජිදුන් නබවියෙහි ඉටු කෙරෙන සලාත්හි ප්‍රතිඵල ගුණ කරනු ලැබේ.
මස්ජිදුල් හරාම් තුළ ඉටු කෙරෙන සලාතය සෙසු මස්ජිද්වල ඉටු කරන සලාතයට වඩා සිය දහස් වාර්යක් උතුම් වේ.
التصنيفات
මස්ජිද් පිළිබඳ නීතිරීති