මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැර

මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැර

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී: "මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැර.

[صحيح] [متفق عليه]

الشرح

තම මස්ජිදයේ සලාත් ඉටු කිරීමේ මහිමය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ. සැබැවින්ම එය මහපොළොවේ පිහිටා ඇති සෙසු මස්ජිදයන්හි ඉටු කරන සලාතයට වඩා දහස් ගුණයකින් උතුම්ය. නමුත් මක්කාවේ පිහිටි මස්ජිදුල් හරාමය හැර. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයේ ඉටු කරන සලාතයට වඩා උතුම් වේ.

فوائد الحديث

මස්ජිදුල් හරාම්හි සහ මස්ජිදුන් නබවියෙහි ඉටු ක‍ෙරෙන සලාත්හි ප්‍රතිඵල ගුණ කරනු ලැබේ.

මස්ජිදුල් හරාම් තුළ ඉටු කෙරෙන සලාතය සෙසු මස්ජිද්වල ඉටු කරන සලාතයට වඩා සිය දහස් වාර්යක් උතුම් වේ.

التصنيفات

Rulings of the Prophet's Mosque, මස්ජිද් පිළිබඳ නීතිරීති