'අල්ලාහ්ගේ දූතයාණනි! (පශු) සම්පත් විනාශ වෙමින් පවතින අතර (ආදායම්) මාර්ග නැවතී ඇත. අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට…

'අල්ලාහ්ගේ දූතයාණනි! (පශු) සම්පත් විනාශ වෙමින් පවතින අතර (ආදායම්) මාර්ග නැවතී ඇත. අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න

අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සිකුරාදා දිනක 'දාරුල්-කළා' දෙසට මුහුණලා ඇති දොරටුවෙන් පුද්ගලයෙකු මස්ජිදයට ඇතුළු විය. එම අවස්ථාවේ දී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කුත්බා (දේශනය) පවත්වමින් සිටියේය. එම මිනිසා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දෙසට මුහුණලා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණනි! (පශු) සම්පත් විනාශ වෙමින් පවතින අතර (ආදායම්) මාර්ග නැවතී ඇත. අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න. එවිට 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දෑත් ඔසවා, اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව' යැයි ප්‍රාර්ථනා කළහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ නාමයෙන්, අහසේ වලාකුළු කිසිවක් දකින්නට තිබුණේ නැත. අප සහ සල්උ කන්ද අතර නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ නොවීය. එවිට පලිහක් වැනි විශාල වලාකුළක් එහි (සල්උ කන්ද) පිටුපසින් දිස් වූ අතර එය අහස මැදට පැමිණි විට එය පැතිරී, වැසි ඇද හැළුණි. අල්ලාහ්ගේ නාමයෙන්! දින හයක් අපි හිරු නොදුටුවෙමු. ඊළඟ සිකුරාදා, එම දොරටුවෙන් පුද්ගලයෙකු ඇතුළු වූ අතර එවිට ද අල්ලාහ්ගේ දූතයණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිකුරාදා කුත්බා දේශනාව පවත්වමින් සිටියහ. එවිට එම මිනිසා එතුමාණන් වෙත මුහුණලා සිටගෙන, 'අල්ලාහ්ගේ දූතයාණනි,! පශු සම්පත් මිය යමින් පවතින අතර (ආදායම්) මාර්ග නතර වී ඇත; අපගෙන් වර්ෂාව වළක්වා ගැනීමට අල්ලාහ්ට යාච්ඤා කරන්න.' යැයි කීවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත් දෙකම ඔසවා, اللَّهُمَّ حَوَالَيْنَا وَلَا عَلَيْنَا، اللَّهُمَّ عَلَى الآكَامِ وَالظِّرَابِ، وَبُطُونِ الأَوْدِيَةِ، وَمَنَابِتِ الشَّجَرِ 'අල්ලාහ්! අප මත නොව අප වටා වැසි වස්සනු මැනව, අහෝ අල්ලාහ්, කඳු මත, නිම්න මධ්‍යයේ සහ ගස් වැවෙන ස්ථානවල වැසි වස්සනු මැනව' යැයි කීහ. එතුමා තවදුරටත් මෙසේ පැවසීය. 'වැස්ස නැවතින. අපි පිටතට පැමිණ හිරු එළියේ ඇවිද ගියෙමු. මම අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන්: "ඔහු පළමු වාරයේ පැමිණ පුද්ගලයා දැ?"යි විමසා සිටියෙමි. එවිට එතුමා "ඒ ගැන මම නොදනිමි" යැයි පැවසීය.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

සිකුරාදා දිනක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කුත්බා (දේශනය) පවත්වමින් සිටිය දී උමර් ඉබ්නු අල්-කත්තාබ්ගේ නිවස දෙසින් මස්ජිදයේ බටහිර දෙසින් පිහිටි දොරටුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයට පිටිසර අරාබිවරයෙකු පිවිසුණේය. එම පුද්ගලයා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙසට මුහුණලා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! පශු සම්පත් විනාශ වී ඇත. සතුන් මිය යෑමෙන් පෝෂණ මාර් ග අවහිර වී ඇත. කුසගින්න හේතුවෙන් උන් දුර් වල වී ඇත. එබැවින් අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දෑත් ඔසවා, اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا "අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව." යැයි ප්‍රාර් ථනා කළහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමින් කියමි. අහසේ කිසිදු වළාකුළක් අපි දුටුවේ නැත. මස්ජිදයේ බටහිර දෙසින් අප අතර සහ සල්ආ කන්ද අතර එය දැකීමෙන් බාධාවන ආකාරයේ කිසිදු නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ නොවීය. අනස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය. එවිට ඒ පිටුපසින් පලිහක් (කුඩා රෙද්දක්) වැනි වටකුරු වලාකුළක් මතු විය. එය මදීනාවේ අහස මැදට පැමිණි විට එය පැතිරී ගොත් වැසි ගෙන දුන්නේය. අල්ලාහ්ගේ නාමයෙන්, එම වර් ෂාව හේතුවෙන් අනෙක් ජුමුආව දක්වා අපි හිරු නොදුටුවෙමු. ඊළඟ සිකුරාදා, එම දොරටුවෙන් එම පුද්ගලයෙකු ඇතුළු වූ අතර එවිට ද අල්ලාහ්ගේ දූතයණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිකුරාදා කුත්බා දේශනාව පවත්වමින් සිටියහ. එවිට එම මිනිසා ඒතුමාණන් වෙත මුහුණලා සිටගෙන, මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණනි! පශු සම්පත් විනාශ වී ගොස් ඇත. (ආදායම්) මාර් ග නතර වී ඇත; එහෙයින් අපගෙන් වර් ෂාව නතර කරන මෙන් අල්ලාහ්ට යාච්ඤා කරන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත් දෙකම ඔසවා, "අහෝ දෙවිඳුනි! අප මත විනාශ කාරී ලෙස නොව අප වටා වර් ෂාව යොමු කරනු මැනව. දෙවියනේ! කඳු, කුඩා කඳු, නිම්න මධ්‍යයේ සහ ගස් වැවෙන ස්ථාන වැනි පෘථිවියේ උස් තැන් වෙත එය යොමු කරන්න." යැයි කීහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය. 'වැහි වළාකුළු නතර වී ගියේය. අපි පිටතට පැමිණ හිරු එළියේ ඇවිද ගියෙමු.

فوائد الحديث

ප්‍රාර් ථනා කිරීම සහ මහපොළොවේ සැරිසැරීම වැනි පෝෂණ සම්පත් සේවීම සඳහා හේතු සාධක ක්‍රියාත්මක කිරීම. එය උත්තරීතර අල්ලාහ් මත තබා ඇති විශ්වාසය පළුඳු කරන්නක් නොවේ.

වර් ෂාව පතමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉල්ලා සිටි මෙම ප්‍රාර් ථනාව උසුරීම සතුටුදායකය.

වර් ෂාවෙන් හානියක් සිදුවන අවස්ථාවක, විශේෂයෙන් කඳු, හෙල් සහ නිම්න මත වැසි අඛණ්ඩව ඇද හැලෙන අවස්ථාවක -අහසේ පැහැදිලි බව සෙවීමට සහ වර්ෂාව නැවැත්වීමට - පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටීමේ අවසරය. මන්ද ඒවා කෘෂිකර් මාන්තයට සහ තණබිම් සඳහා වඩාත් සුදුසු බැවිනි.

ජීවත්ව සිටින අය අතර ධර් මිෂ්ඨ හා භක්තිමත් යැයි සිතන අයගෙන් ප්‍රාර් ථනා කරන මෙන් ඉල්ලා සිටීමට අවසර ඇත. මෙය අවසර ලත් ප්‍රාර් ථනා කිරීමේ මාධ්‍යයකි. ජීවත්ව සිටින හෝ මියගිය ඕනෑම ජීවියෙකුගේ පැවැත්ම මුල් කරගෙන ප්‍රාර් ථනා කර සිටීමට අවසර නැත. මන්ද එය බහු දේවවාදයේ මාධ්‍යයකි.

කන්නලව් කිරීමේ දී නොපසුබට උත්සාහය සහ එය නැවත නැවත කිරීම ආගමානුගත කරන ලද්දකි.

අවශ්‍යතාවක් ඇති වූ විටෙක ජුමුආ දිනයේ දේශකයා සමග කතා කිරීමේ අවසරය.

වර් ෂාව ඇද හැලීම සහ එය වැළැක්වීම මගින් අල්ලාහ්ගේ විශිෂ්ට බලය විද්‍යාමාන වීම.

හානිකර දෙයින් හානියක් නොවන ආකාරයෙන් ඉන් මිදීමට වර් ෂාව නතර කරන මෙන් යාඥා කිරීමේදී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රඥාව.

කුත්බා දේශනාව අතර වාරයේ ජලය ඉල්ලා කණ්ණලව් කිරීම ආගාමානුගත කරුණකි.

ප්‍රාර් ථනාවේ දී අත් ඉහළට එසවීම. මෙය බැගෑපත්කම අර් ථවත් කරන්නක් වන අතර පිරිනැමීමේ අර් ථය විමර් ශනය කරයි. මෙවන් ස්ථානයේ අත් දෙක එසවීම සම්බන්ධයෙන් විද්වතුන් ඒකමතිකව එකඟතාව පල කර ඇත.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය පෙන්වා දෙන ප්‍රාතිහාර් යයන් අතරින් මෙය ද එකකි. මෙම තත්ත්වයේ දී වර් ෂාව ඇති වීමෙන් හා එය නතර වීමෙන් එතුමාණන්ගේ ප්‍රාර් ථනාවට පිළිතුරු දෙනු ලැබීය.

التصنيفات

වර්ෂාව පතා කරනු ලබන සලාතය