කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්වා -එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිත්වා.- එමෙන්ම…

කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්වා -එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිත්වා.- එමෙන්ම තම නිවසේ රැඳී සිටිත්වා.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්වා -එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිත්වා.- එමෙන්ම ඔහුගේ නිවසේ ඔහු රැඳී සිටිත්වා. කොළ වර්ග සහිත එළවලු භාජනයක් ගෙන එන ලදී. එවිට එතුමා එහි දුර්ගන්ධයක් දැනී, ඒ ගැන විමසා සිටියහ. එහි ඇත්තේ පළාවර්ග යැයි දන්වන ලදී. පසුව ඔවුහු ඒවා මාගේ මිතුරන් ඇතැමෙකු වෙත සමීප කළෝය. නමුත් එතුමා එය දුටු කල්හි අනුභව කිරීමට පිළිකුල් කොට මෙසේ පැවසීය. ඔබ අනුභව කරන්න. සැබැවින්ම ඔබ රහසින් කතා නොකරන්නා සමග මම රහසින් කතා කරන්නෙකු වෙමි යැයි පැවසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “කවරෙකු සුදුළූණු ළූණු ලීක්ස් අනුභව කළේ ද ඔවුන් අපගේ මස්ජිදයට සමීප නොවිය යුතුයි. සැබැවින්ම ආදම්ගේ දරුවන් වේදනා විදින දැයින් මලක්වරුන් ද වේදනා විදිනු ඇත.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇත.]

الشرح

මින් අපේක්ෂා කරනු ලබනුයේ සලාතය ඉටු කරන්නා වඩාත් අලංකාර හා නැවුම් සුවදකින් පසුවිය යුතු බවය. විශේෂයෙන්ම ඔහු පොදු ජනයා සමග සාමුහිකව සලාතය ඉටු කරන්නට අපේක්ෂා කරන විට එසේ විය යුතු වේ. කවරෙකු අමුවෙන් සුදු ළූණු හා ළූණු අනුභව කළේ ද එවැන්නන් සලාත් ඉටු කරන තැනැත්තන්ට හා සමීපවන මලක්වරුන්ට හිංසා ඇතිවන පිළිකුල් සහගත දුර්ගන්ධය ඔවුන්ගෙන් පහව යන තෙක් මුස්ලිම්වරුන්ගේ මස්ජිදයට පැමිණීමෙන් වැළකී සිටිය යුතු බවත් තම නිවසේ එම සලාතය ඉටු කළ යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නියෝග කළේ එබැවිනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත එළවලු හා පළා වර්ග සහිත වට්ටියක් රැගෙන ආ කල්හි, පිළිකුල් සහගත දුර්ගන්ධයක් එහි දකින්නට ලැබිණ. ඔහු අසල සිටින ඔහුගේ මිතුරකු වෙත එය ළං කරන මෙන් පවසා සිටියහ. අසල සිටින්නා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඒ ගැන පිළිකුලෙන් සිටිනු දැක එය තහනම් කරනු ලැබූවක් යැයි සිතුවේය. එබැවින් ඒවා අනුභව කරන්නට කුතුහලයෙන් පසුවිය. එවිට එතුමා ඔහුට සැබැවින්ම ඒවා තහනම් කරනු ලැබූවක් නොවන බවත් එහි පිරිසිදු භාවය හේතුවෙන් ඔහු එය පිළිකුල් නොකළ බවත් දන්වා එය අනුභව කරන මෙන් ඔහුට පවසා සිටියහ. එමෙන්ම සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එය අනුභව කිරීමෙන් වැළකී සිටියේ එතුමා පරමාධිපති සමග සම්බන්ධකම් පවත්වන බැවින් හා කිසිවකු රහසින් කතා නොකරන අයුරින් තම පරමාධිපති සමග රහසින් කතා කරන බැවිණි. එහෙයින් උත්තරීතර පරමාධිපතිට සමීප වන අවස්ථාවේ ඉතා අලංකාර තත්ත්වයෙන් පසුවීම අනිවාර්යය වන්නේය. දේවත්වය විශ්වාස කරන්නන්හට අත්වන හිංසාවන් වැළැක්වීමෙන් පොදු ජනයාට යහපත සැලසීම ගැන අවධානය යොමු කිරීම සාමුහික සලාතයට සහභාගී වීමෙන් ස්ව යහපත ගැන අවධානය යොමු කිරීමට වඩා උතුම් වන්නේය. එසේ මඟ හැරීමට හේතු වූයේ එයයි.

التصنيفات

සාමූහික සලාතයේ මහිමය හා එහි නීති