إعدادات العرض
ඔබ එම සියලු යහපත් ක්‍රියාවන් මත ඉස්ලාමය වැළඳ ගෙන ඇත" යැයි පිළිතුරු දුන්හ
ඔබ එම සියලු යහපත් ක්‍රියාවන් මත ඉස්ලාමය වැළඳ ගෙන ඇත" යැයි පිළිතුරු දුන්හ
හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අඥාන යුගයේ මම පුණ්‍ය කටයුතු, වහලුන් නිදහස් කිරීම් සහ ඥාතී සබඳතා පැවැත්වීම් වැනි ක්‍රියාවන් සිදු කරමින් ආවෙමි. ඒවායෙහි මට යම් ප්‍රතිඵලයක් තිබේ ද? ඒ ගැන ඔබේ අදහස කුමක් ද? යැයි විමසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ "ඔබ එම සියලු යහපත් ක්‍රියාවන් මත ඉස්ලාමය වැළඳ ගෙන ඇත" යැයි පිළිතුරු දුන්හ.
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Oromoo Wolof Soomaali Français Tagalog Azərbaycan Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文 km አማርኛالشرح
දේවත්වය ප්‍රතික්ෂේප කළ තැනැත්තා විසින් ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර පුණ්‍ය කටයුතු හෝ වහලුන් නිදහස් කිරීම හෝ ඥාතී සම්බන්ධකම් පැවැත්වීම වැනි යහපත් ක්‍රියාවන් කිසිවක් සිදු කර තිබුණේ නම්, ඔහු ඉස්ලාමය වැළඳගත් අවස්ථාවේ ඒ සඳහා කුසල් ඔහුට ප්‍රදානය කරනු ලැබේ.فوائد الحديث
දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයා එසේ ඔහු ප්‍රතික්ෂේප කළ තත්ත්වයේම මිය ගියේ නම්, මෙලොවෙහි සිදු කරන යහපත් ක්‍රියා කිසිවක් සඳහා මතුලොවෙහි ඔහුට තිළිණ පිරිනමනු නොලැබේ.
التصنيفات
ඉස්ලාමය