“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම…

“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරනු ඇත.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරනු ඇත.”

[صحيح] [متفق عليه]

الشرح

කිසිවකු හෝ නින්දෙන් අවදි වූ විටෙක, තම නාසය තුන් වරක් පිරිසිදු කර ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. 'ඉස්තින්සාර්' යනු, නාසය තුළට ජලය දමා එය සීරා බැහැර කිරීමය. ඊට හේතුව සැබැවින්ම ෂෙයිතාන් නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරන බැවිනි. එය සමස්ත නාසය වේ.

فوائد الحديث

නින්දෙන් අවදි වන සෑම කෙනෙකු හටම නාසයේ ෂෙයිතාන් රැඳී සිටීමේ බලපෑම හේතුවෙන් එය ඉන් බැහැර කරනු වස් නාසය පිරිසිදු කිරීම ආගමානුගත කරන ලදී. ඔහු වුළූ ගන්නට යන විට එසේ නාසය පිරිසිදු කිරීමේ නියෝගය වඩාත් තහවුරු කරුණක් වේ.

නාසය තුළට ජලය යවා පිරිසිදු කිරීම නාසය පිරිසිදු කිරීමේ පරිපූර්ණ ක්‍රමයයි. හේතුව නාසය පිරිසිදු කිරීම යනු නාසයේ ඇතුළත පිරිසිදු කිරීම වන බැවිනි. නාසය සීරීම යනු එහි තුළ ඇති කිලිට ජලය සමග බැහැර කිරීමය.

රාත්‍රී නින්ද එයට සීමා කර ඇත්තේ 'රාත්‍රිය ගත කිරීම' යන පදය අනුවය. එහෙයින් සැබැවින්ම රාත්‍රිය ගත කිරීම යනු එය රාත්‍රියේ නින්දේදී මිස සිදුවන්නක් නොවේ. මන්ද එය දිගු හා පුළුල් ලෙස නිදා ගැනීමේ කාලයක් ලෙස සැලකෙන බැවිනි.

ෂෙයිතාන් මිනිසා සමඟ සැම විට සිටින බව මෙම හදීසය තුළ පෙන්වා දී ඇත. නමුත් ඒ පිළිබඳ මිනිසා නොදනී.

التصنيفات

අර්ධ ධෝවනය සිදු කළ යුතු ආකාරය