إعدادات العرض
1- කවරෙකු මා මේ වුළූ ධෝවනය කරන පරිදි වුළූ ධෝවනය කර; පසුව රකආත් වාර දෙකක් සලාතය ඉටු කර; ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ පව්වලට ඔහුට සමාව දෙනු ලැබේ.
2- මම අම්ර් බින් අබිල් හසන් තුමා ව මුණ ගැසුණෙමි. එතුමා අබ්දුල්ලාහ් බින් සෙයිද් තුමාණන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරු පිළිබඳ ව විමසූවේය. පසු ව කුඩා ජල බඳුනක් ගෙන්වා ගෙන අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය.
3- ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු වූළූ ධෝවනය කරත්වා. නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්රි කාලය ගත කරනු ඇත.
4- සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වුළූ ගත්හ. කට කළත්වා සෝදා හැරියහ. පසුව නාසය සූරා පිරිසිදු කළහ. පසුව එතුමාගේ මුහුණ තුන් වරක් ද එතුමාගේ දකුණත තුන් වරක් ද අනෙක ද තුන්වරක් ද සෝදා හැරියහ. එතුමාගේ අතෙහි ඉතිරි දැයින් නොවන (වෙනත්) ජලය උපයෝගි කර ගනිමින් එතුමාගේ හිස පිරිමැද්දාහ. එතුමාගේ පාද දෙක පිරිසිදු වන තෙක් සෝදා හැරියහ.
5- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය සිදු කළහ. එතුමාගේ නළලින් ආරම්භ කොට ජටාව මත පිරිමැද්දාහ. එමෙන්ම මේස් සපත්තු මත ද පිරි මැද්දාහ.
6- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය කළ විටක එතුමාගේ වැළිමිට දෙක වටේ ජලය යන්නට සළස්වා සෝදා හරින්නෙකු වූහ.
7- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ
8- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙවාරයක් බැගින් වුළූ ගත්හ