إعدادات العرض
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළපහ කිරීමෙන් පසු බැහැර වූ විටෙක, එතුමාණෝ "ගුෆ්රානක" (ඔබෙන්…
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළපහ කිරීමෙන් පසු බැහැර වූ විටෙක, එතුමාණෝ "ගුෆ්රානක" (ඔබෙන් සමාව අයැද සිටිමි) යැයි පවසන්නෙකු වූහ
දේවත්වය විශ්වාස කරන, මුඃමින්වරුන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළපහ කිරීමෙන් පසු බැහැර වූ විටෙක, එතුමාණෝ "ගුෆ්රානක" (ඔබෙන් සමාව අයැද සිටිමි) යැයි පවසන්නෙකු වූහ.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî অসমীয়া Kiswahili Tiếng Việt ગુજરાતી Nederlands Hausa پښتو ไทย नेपाली Кыргызча മലയാളം Svenska Română తెలుగు ქართული Moore Српски Magyar Português Македонски Čeština Українська አማርኛ Azərbaycanالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළ පහ කිරීමෙන් තම අවශ්‍යතාව ඉටු කිරීමෙන් පසු බැහැරව ගිය විට 'ගුෆ්රානක' යැයි පවසා දෙවියනි! මම ඔබෙන් සමාව අයදිමි' යැයි පවසන්නෙකු වූහ.فوائد الحديث
තම ස්වභාවික අවශ්‍යතා ඉටු කර, එම ස්ථානයෙන් (වැසිකිලියෙන්) පිටත් වූ පසු ගුෆ්රානක යනුවෙන් ප්‍රකාශ කිරීම සතුටුදායකය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සියලුම අවස්ථාවන්හි තම පරමාධිපතිගෙන් සමාව ඇයද සිටියහ.
තම අවශ්‍යතා ඉටු කර වැසිකිලියෙන් පිට වූ පසු එසේ පාපක්ෂමාව ඉල්ලා සිටීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් පවසා සිටිය දී, එය අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය සඳහා තුතිවන්ත වීමේ දී දැක්වූ අඩුපාඩු හේතුවෙනි. තමන්ට වේදනා දෙමින් තිබූ දෑ පහසුවෙන්ම බැහැර වීමට සැළැස්වීම ද එම ආශිර්වාද අතරින් එකකි. වැසිකිලි අවශ්‍යතා ඉටු කරන වේලාවේ ඔබව මෙනෙහි කිරීමෙන් මා වෙනතකට යොමුව සිටි බැවින් මම ඔබෙන් සමාව අයැද සිටිමි.