إعدادات العرض
“ඔබ නැගිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න.” යැයි…
“ඔබ නැගිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න.” යැයි පැවසූහ
ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මට අර්ශස් රෝගය හට ගෙන තිබිණ. එවිට මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් සලාතය පිළිබඳ විමසා සිටියෙමි. එවිට එතුමාණෝ: “ඔබ නැගිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න.” යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands ئۇيغۇرچە دری Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių Kinyarwanda नेपाली Română Српски Soomaali Deutsch Moore Українська Български Wolof Azərbaycan ქართული тоҷикӣ bm Македонски አማርኛ Malagasy ភាសាខ្មែរالشرح
සලාතයේ මූලික ක්‍රියාවලිය, නැගිට සිට එය ඉටු කිරීම බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. නමුත් කිසිවකුට හෝ ඒ සඳහා හැකියාව නැති අවස්ථාවක ඔහු වාඩි වී සලාතය ඉටු කරයි. වාඩි වී සලාත් ඉටු කිරීමට නොහැකි වූයේ නම් ඔහුගේ ඉල පැත්තට ඇළවී සලාතය ඉටු කිරීමේ හැකියාව ඔහුට ඇත.فوائد الحديث
ස්වයං බුද්ධිය පවතින තාක්කල් සලාතයේ වගකීමෙන් ඉවත් වන්නේ නැත. එබැවින් තමන්ගේ හැකියාවට අනුව සලාතයේ දී තත්ත්වයකින් තවත් තත්ත්වයකට යොමුවීමේ හැකියාව පවතී.
ගැත්තා තමන්ට හැකි දෑ ඉටු කිරීමේ දී ඉස්ලාමය තුළ පවතින අවසරය හා පහසුව.
التصنيفات
නිදහසට කරුණු තිබෙන අයවලුන්ගේ සලාතය