“මම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණන් සමග සිටියෙමි. එවිට එතුමා මූත්රා කළහ. වූළු ධෝවනය කළහ. එතුමාගේ පා ආවරණ…

“මම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණන් සමග සිටියෙමි. එවිට එතුමා මූත්රා කළහ. වූළු ධෝවනය කළහ. එතුමාගේ පා ආවරණ දෙක මත (ජලයෙන්) පිරිමැද්දාහ.“

හුදෙයිෆා බින් අල්-යමානි -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණන් සමග සිටියෙමි. එවිට එතුමා මූත්රා කළහ. වූළු ධෝවනය කළහ. එතුමාගේ පා ආවරණ දෙක මත (ජලයෙන්) පිරිමැද්දාහ.“

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

හුදෙයිෆා ඉබ්නු අල් යමානි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා අල්ලාහ්ගේ දූතයාණන් සමග වූහ. එය මදීනාවේ සිටි අවස්ථාවකය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තම ශාරීරික අවශ්යතා ඉටු කර ගැනීමට සිතූහ. තාප්පයක් පිටුපස වෙසෙන පිරිසකගේ කසල ගොඩක් අසළට පැමිණ, එතුමා මූත්ර කොට, වුළු කරගෙන, තම මේස් සපත්තු දෙක මත පිරිමැද්දාහ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ පුරුද්ද පරිදි එතුමාගේ වුළු ධෝවනය ගලින් හෝ ජලයෙන් පිරිසිදු කිරීමෙන් පසුව විය.

التصنيفات

මේස් සපත්තු හෝ එයට සමාන ආවරණික පැලදුම් මත පිරිමැදීම., මේස් සපත්තු හෝ එයට සමාන ආවරණික පැලදුම් මත පිරිමැදීම.