إعدادات العرض
දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි
දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි."
[පූර්ව සාධක සහිත හදීසයකි]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Hausa Português മലയാളം తెలుగు မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands ئۇيغۇرچە Kiswahili தமிழ் دری Български Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda тоҷикӣ O‘zbek Akan नेपाली Moore Azərbaycan Wolof Oromoo Soomaali Українська bm ភាសាខ្មែរ rn ქართული Македонски Српски Ελληνικά አማርኛ Malagasyالشرح
අරාක් නම් ගසේ දැහැටියෙන් හෝ එවැනි වෙනත් යමකින් දත් පිරිසිදු කරන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අපට දැනුම් දුන්හ. එය කට තුළ ඇති අපවිත්‍ර දෑ හා පිළිකුල් සහගත ගන්ධය පිරිසිදු කරනු ඇත. සැබැවින්ම එය ගැත්තා ගැන අල්ලාහ් තෘප්තිමත් වීමට හේතුවක් ද වන්නේය. සැබැවින්ම එහි අල්ලාහ්ට අවනත වීමක් හා ඔහුගේ නියෝගය ප්‍රිය කිරීමක් ඇත. එමෙන්ම උත්තරීතර අල්ලාහ් ප්‍රිය කරන පරිදි පිරිසිදු කම ද එහි පවතී.فوائد الحديث
දත් පිරිසිදු කිරීමේ මහිමය. එය අධිකව සිදු කර ගන්නා ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා උනන්දු කරවා ඇත.
දත් මැදීමේ දී වඩාත් යෝග්‍යය වනුයේ අරාක් නම් ගහේ දැහැටියක් භාවිත කිරීමය. එමෙන්ම දත් බුරුසුවක් හා ආලේපයක් භාවිත කිරීමද එම ස්ථානයට අදාළ වේ.
التصنيفات
පෙර සිට පැවත එන පිළිවෙත්