අපි දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමයේ ආහාරයෙන් එක් සාඃ එකක ප්රමාණයක් ද රට ඉඳියෙන් එක් සාඃ එකක…

අපි දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමයේ ආහාරයෙන් එක් සාඃ එකක ප්රමාණයක් ද රට ඉඳියෙන් එක් සාඃ එකක ප්රමාණයක් ද තිරුඟු වලින් එක් සාඃ එකක ප්රමාණයක් ද කේජු වලින් එක් සාඃ එකක ප්රමාණයක් ද මිදි වලින් එක් සාඃ එකක ප්රමාණයක් ද (zසකාතුල් ෆිත්රා වශයෙන්) ලබා දෙන්නන් ලෙස සිටියෙමු.

අබූ සඊද් අල්-කුද්රි -රළියල්ලාහු අන්හු-තුමා විසින් වාර්තා කරන ලදී. “ආහාර සාඃ එකක් හෝ බාර්ලි සාඃ එකක් හෝ අක්ත් හෙවත් කිරිබත් වැනි වර්ගයෙන් සාඃ එකක් හෝ මිදි සාඃ එකක් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ කාලයේ අපි එය(සකාතුල් ෆිත්ර්) ප්රදානය කරන්නන් ලෙස සිටියෙමු. එවිට මුආවියා පැමිණි කල්හි ශාම් දේශීය ධාන්ය වර්ග පැමිණියේය. මුද්දු දෙකකට සමාන වන මෙම ප්රමාණය මුද්දු එකක් ලෙස මා අදහස් කරන්නෙමි යැයි ඔහු පැවසීය. අබූ සඊද් තුමා මෙසේ දන්වයි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ සමයේ මම නිකුත් කරමින් සිටියාක් මෙන්ම දිගටම මම නිකුත් කරමින් සිටිමි.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දන්වා සිටියි. ආහාර වලින් සාඃ එකක ප්රමාණයක් අපි අල්ලාහ්ගේ දූතයාණන්ගේ කාලයේ ගෙවන්නන් ලෙස සිටියෙමු. මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා තම රාජ්යය කාලය තුළ මදීනාවට පැමිණි කල්හි ‘සිරියානු තිරුඟු වල සාඃ ප්රමාණය ඒ හැර වෙනත් දැහි ද සාඃ ප්රමාණයට සාපේක්ෂ වන බව මම අදහස් කරමි.’ යැයි පැවසීය. ඒ අනුව අනෙකුත් වර්ගවල සකාතය ද සාඃ එකක ප්රමාණයටද සිරියානු තිරිඟු සාඃ භාගයක ප්රමාණයටද පත් විය. මෙය මූලාශ්රයක් සඳහන්ව නොපැමිණි කරුණක දී පරිශ්රමයෙන් ගනු ලැබූවකි. මෙම තිරිගු වර්ගය අස්-සම්රාඃ යනුවෙන් හැඳින්විය. එසේ වන්නට හේතුව රට ඉඳි තිරිඟු හා වෙනත් වර්ගවලට වඩා සැබැවින්ම එය මිල අධික මෙන්ම ප්රමිතියෙන් හොඳ විය. ඒ අනුව ජනයා ඔහුගේ අදහස් ගන්නට විය. නමුත් අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුම එම අදහස පිළිකුල් කොට ආහාර වශයෙන් පිහිටන දැයින් සාඃ එකක ප්රමාණයක් සකාත් දීම අනිවාර්යය බව පෙන්වා දුන්නේය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ කාලයේ නිකුත් කළ පරිදි සුන්නාව පිලිපැදීමට දිරිදීමක් වශයෙනි. එමෙන්ම දානය තුළින් අපේක්ෂිත අවශ්යතාව ලබනු පිණිසය. සඃ නම් ඒකකයේ ප්රමාණය වර්තමාන ගණනයට අනුව පොතු සමග කිලෝ ග්රෑම් තුනකි.

التصنيفات

සකාතුල් ෆිත්ර් (රමළාන් උපවාස දානය)