إعدادات العرض
ඔබලා සහර් කරනු. හේතුව සැබැවින්ම සහර් කිරීමේදී අභිවෘද්ධිය ඇත.
ඔබලා සහර් කරනු. හේතුව සැබැවින්ම සහර් කිරීමේදී අභිවෘද්ධිය ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබලා සහර් කරනු හේතුව සැබැවින්ම සහර් කිරීමේදී අභිවෘද්ධිය ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Português Kurdî Русский Tiếng Việt Kiswahili অসমীয়া ગુજરાતીالشرح
සහර් කරන මෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නියෝග කළහ. එනම්, එය උපවාසය සඳහා සූදානම් වීමක් වශයෙන් අලුයම් කාලයේ ආහාර පාන ගැනීමය. එහි ඇති දේව ප්රඥාව සඳහන් කර ඇත. එනම්, එය බරකත් හෙවත් අභිවෘද්ධිය පහළ වීමය. අභිවෘද්ධිය යනු මෙලොව හා මතුලොව ප්රයෝජන ආවරණය වන අයුරින් පිහිටුනු එකකි. සහර්හි අභිවෘද්ධි අතුරින් එකක් වනුයේ, දහවල් කාලයේ අල්ලාහ්ට නැමදුම් කිරීමට උපකාරී වන අයුරින් ශක්තිය ලැබීමය. තවත් අභීවෘද්ධියක් වනුයේ සැබැවින් උපවාසකරු සහර් ආහාරය ගත් විට උපවාසය රැකීමේදී වෙහෙසක් ඇති නොවන්නේය. එය සහර් නොගත් අයකුට හාත්පසින්ම වෙනස්ය. ඔහු දුක්ෂකරතාවට හා අපහසුතාවට පත් කරයි. එය ඉටු කිරීමට ඔහුට බරක් වෙයි. තවත් අභිවෘද්ධියක් වනුයේ අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව පිළිපදින බැවින් හා එය ආගම් ලත් ජනයාට වෙනස් ලෙස ඉටු කරන බැවින් කුසල් හිමි වනු ඇත. එහි ඇති තවත් අභිවෘද්ධියක් වනුයේ සහර් සඳහා නැගී සිටින විට සලාත් ඉටු කිරීමට හැකි වීමය. අතැම් විට අවශ්යතාවෙන් පෙළෙන්නන් හට ආහාර වේලක් පිරිනැමීමටද හැක. ඇතැම් විට අල් කුර්ආනයෙන් යමක් කියවීමටද හැකියාව ලැබෙයි. තවත් අභිවෘද්ධියක් වනුයේ එය නැමදුමකි. එය අල්ලාහ්ට ගැතිකම් කිරීමට උදව්වක් වශයෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව පිළිපැදීමක් වශයෙන් අදිටන් කරන විට එය නැමදුමක් බවට පත් වනු ඇත. එය ආගමානුගත කිරීමේ යථාර්ථය හා අභ්යන්තරය අල්ලාහ් සතු දෙයකි. ඉන් ලැබෙන අති මහත් ප්රයෝජනය වනුයේ ෆජ්ර් සලාතය සඳහා අවදිවීමට හැකියාව ලැබීමය. එහෙයින් සහර් කිරීමෙන් පසුව නැවත නිදා නොගනු පිණිස සහර් වේලාව ප්රමාද කරන මෙන් නියෝග කොට ඇත. ඊට විරුද්ධව සහර් නොකරන්නන්ට ෆජ්ර් සලාතය මඟ හැරී යනු ඇත. මෙය දෑසින් දැක ගත හැකි දර්ශනයකි. සහර් කිරීම හේතුවෙන් රමළාන් මාසයේ සුබ්හු සලාතයේ දී වෙනත් මාසවලට වඩා සමූහයක් ලෙස සලාතය ඉටු කරන්නන්ගේ සංඛ්යාව අධික ලෙස දැක ගත හැක.التصنيفات
උපවාසයේ අතිරේක කරුණු