إعدادات العرض
1- ජනයා උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටිති.
2- අපි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සහර් කළෙමු. පසුව එතුමා සලාතය සඳහා නැගී සිටියහ. අනස් තුමා මෙසේ පවසයි. මම සෙයිද් තුමාගෙන්: අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැයි විමසුවෙමි. එතුමා: ආයාත් පනහක ප්රමාණයක් යැයි පැවසූහ.
3- ඔබලා සහර් කරනු. හේතුව සැබැවින්ම සහර් කිරීමේදී අභිවෘද්ධිය ඇත.
4- අපගේ උපවාසය හා ආගම් ලත් සෙසු ජනයාගේ උපවාසය අතර වෙනස ‘සහර්’ (නම් අළුයම්) කාලයේ ආහාර ගැනීමය.
5- කවරෙකු උපවාසය රකින්නෙකුහට උපවාසය මිදෙන්නට සළස්වන්නේ ද ඔහුට හිමි ප්රතිඵලය මෙන් සමාන ප්රතිඵලයක් මොහුට ද හිමි වන්නේය.