කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය…

කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.

අබූ උමාමා ඉයාස් ඉබ්නු සඃලබා අල් හාරිසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?යි විමසීය. එවිට ‘අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය’ යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

الشرح

කිසිදු යුක්තියකින් තොරව බොරුවට දිවුරා මුස්ලිම්වරයකුගේ උරුමය කවරෙකු පැහැර ගන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළ බවත් ස්වර්ගය ඔහුට තහනම් කළ බවත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දන්වා සිටියහ. එවිට මිනිසෙක්: අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?යි විමසීය. එවිට ‘මිස්වාක් (දත් මදින) දැහැටියක් වුව ද එලෙසමය’ යැයි පැවසූහ.

التصنيفات

(ඉඩම්) පැහැර ගැනීම