“කවරෙකු යම් ආහාරයක් අනුභව කොට, ‘අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා වරසකනීහි මින් ගයිරි හවුලින් මින්නී වලා…

“කවරෙකු යම් ආහාරයක් අනුභව කොට, ‘අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා වරසකනීහි මින් ගයිරි හවුලින් මින්නී වලා කුව්වා’ (මා හට කිසිදු බලයක් හෝ හැකියාවක් හෝ නොතිබියදී මෙම ආහාරය පිරිනමා මා පෝෂණය කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා) යැයි පවසා සිටියේ ද පෙර කළ ඔහුගේ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු මුආද් ඉබ්නු අනස් (රළියල්ලාහු අන්හු) තුමා, තම පියාගෙන් ලබා මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු යම් ආහාරයක් අනුභව කොට, ‘අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා වරසකනීහි මින් ගයිරි හවුලින් මින්නී වලා කුව්වා’ (මා හට කිසිදු බලයක් හෝ හැකියාවක් හෝ නොතිබියදී මෙම ආහාරය පිරිනමා මා පෝෂණය කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා) යැයි පවසා සිටියේ ද පෙර කළ ඔහුගේ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ."

[හසන් ගණයට අයත් හදීසයකි] [رواه أبو داود والترمذي وابن ماجه وأحمد]

الشرح

ආහාර අනුභව කළ තැනැත්තා අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරිමත් කළේය. හේතුව ආහාර ලැබීමට කිසිදු හැකියාවක් තමන්ට නොතිබුණු බැවින් හා එමෙන්ම එය අනුභව කිරීමට උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් හා ඔහුගේ උපකාරයෙන් මිස සිදුවන්නක් නොවන බැවිනි. කවරෙකු මෙය පවසන්නේ ද, ඔහු පෙර කළ ඔහුගේ සුළු පාපකම් සඳහා සමාව ලබන්නට ඔහු සුදුස්සකු වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.

فوائد الحديث

ආහාර ගැනීමෙන් පසු අවසානයේ උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම සතුටු දායක ක්‍රියාවකි.

අල්ලාහ් තම ගැත්තන් හට ආහාර සපයා, ඒ සඳහා පෝෂණ සම්පත් ඔවුනට පහසු කර, ඒ තුළින් ඔවුන්ගේ පාපකම් සඳහා සමාව දානය කිරීමෙන් ඔහු ඔවුනට පිරිනමා ඇති ආශිර්වාදය පැහැදිලි කිරීම.

ගැත්තන්ගේ සියලුම කටයුතු සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූවකි. ඔවුන්ගේ හැකියාවෙන් හා ඔවුන්ගේ ශක්තියෙන් ඒවා සිදු වන්නේ නැත. ගැත්තා නියෝග කරනු ලැබ ඇත්තේ හේතු සාධක මත ක්‍රියාත්මක කිරීම සඳහාය.

التصنيفات

බාධාවන් ඇතිවන අවස්ථාවන්හි කළ යුතු මෙනෙහි කිරීම්