إعدادات العرض
සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය
සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය."
[හසන් ගණයට අයත් හදීසයකි]
الترجمة
العربية Tiếng Việt অসমীয়া Nederlands Bahasa Indonesia Kiswahili Hausa English ગુજરાતી Magyar ქართული Română Русский Português ไทย తెలుగు मराठी دری Türkçe አማርኛ বাংলা Kurdî Malagasyالشرح
මහිමයන් සාරධර්ම හා යහපත් ගුණාංග පරිපූර්ණ කිරීම සඳහා සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් තමන්ව එවා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ අනුව එතුමාණන් පෙර සිටි දූතවරුන් අතර තිබූ දෑ පරිපූර්ණ කිරීමක් ලෙසත් අරාබිවරුන්ගේ යහපත් සදාචාරයේ හීන පූරණයක් ලෙසත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එවනු ලැබ ඇත. ඔවුහු යහපත් දේට ප්‍රිය කළ අතර අයහපත් දෑට වෛර කළෝය. පෞරුෂත්වය ඇති, ත්‍යාගශීලී සහ ධෛර්ය සම්පන්න පුද්ගලයින් වූහ. නමුත් ඔවුන්ගේ සදාචාරයන් තුළ තිබූ පරම්පරාවන් පිළිබඳ තිබූ අහංකාරකම, උඬඟුකම, දිළින්දන් හා වෙනත් අය අවතක්සේරු කිරීම වැනි අඩුපාඩු පූර්ණවත් කරනු පිණිස එතුමාණන්ව එවන ලදී.فوائد الحديث
යහපත් සදාචාර පිළිපදින්නට දිරි ගැන්වීම හා එයට ප්‍රතිවිරුද්ධ දෑ වැළැක්වීම.
ඉස්ලාම් නීති පිළිවෙත තුළ යහපත් සදාචාරයේ වැදගත්කම විස්තර කිරීම. සැබැවින්ම එහි ප්‍රමුඛස්ථානය දෙනු ලබනුයේ යහපත් සදාචාර ගතිපැවතුම් වලටය.
උපකාර කිරීම, ධෛර්යවන්තකම හා එවැනි යහපත් ගුණාංග අඥාන යුගයේ ද ජනයා අතර තිබුණු අතර ඉස්ලාමය පැමිණියේ ඒවා සම්පූර්ණ කිරීම පිණිසය.
التصنيفات
ප්රශංසනීය සාරධර්ම