‘අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඉස්ලාමයේ ආගමික නීති අප වෙත අධික වී ඇත. අපි හැමෝම පිළිපැදිය හැකි පාඩමක් කියා…

‘අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඉස්ලාමයේ ආගමික නීති අප වෙත අධික වී ඇත. අපි හැමෝම පිළිපැදිය හැකි පාඩමක් කියා දෙන්නැ’යි විමසීය. එයට එතුමා: “සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව නිරන්තරයෙන්ම තෙතමනයෙන් තබන්න”

අබ්දුල්ලාහ් ඉබ්නු බුස්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත මිනිසෙකු පැමිණ: ‘අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඉස්ලාමයේ ආගමික නීති අප වෙත අධික වී ඇත. අපි හැමෝම පිළිපැදිය හැකි පාඩමක් කියා දෙන්නැ’යි විමසීය. එයට එතුමා: “සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව නිරන්තරයෙන්ම තෙතමනයෙන් තබන්න” යැයි පවසා සිටියහ.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.]

الشرح

ගෞරවනීය සහාබාවරුන් අතරින් පුද්ගලයකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් යහපත් කරුණු ආවරණය කරන පරිදි සමස්ත මෙන්ම පහසු කටයුත්තක් පෙන්වා දෙන්නැ?යි ඉල්ලා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්ලාහ්ව සිහිපත් කිරීම වෙත මග පෙන්වීය. එවිට එතුමා ඔබේ දිව නිරන්තරයෙන්ම තෙතමනයේ තබන්න යැයි පැවසූහ. එනම් දිවා රෑ අඛණ්ඩව අල්ලාහ්ව මෙනෙහි කිරීම පුණරුච්ඡාරණය කිරීමයි. එසේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඔහු වෙනුවෙන් දික්රය හෙවත් දෙවියන් මෙනෙහි කිරීම තෝරා දුන්නේ එය ඔහුට පහසු හා සැහැල්ලු මෙන්ම එහි ප්රතිඵල ද ගුණ වන බැවිණි. එමෙන්ම ගිණිය නොහැකි අතිමහත් ප්රයෝජන එහි ඇති බැවිණි.

التصنيفات

(දික්ර්) තෙපලීම් හා බැඳුණු මහිමයන්