“අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වදන් හතරකි. ඒවායින් කවර දෙයක් ගෙන ආරම්භ කළ ද ඔබට කිසිදු හානියක් සිදු නොවන්නේය.…

“අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වදන් හතරකි. ඒවායින් කවර දෙයක් ගෙන ආරම්භ කළ ද ඔබට කිසිදු හානියක් සිදු නොවන්නේය. එවානම්: සුබ්හානල්ලාහ්, අල් හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, සහ අල්ලාහු අක්බර්.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සමුරා බින් ජුන්දබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වදන් හතරකි. ඒවායින් කවර දෙයක් ගෙන ආරම්භ කළ ද ඔබට කිසිදු හානියක් සිදු නොවන්නේය. එවානම්: සුබ්හානල්ලාහ්, අල් හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, සහ අල්ලාහු අක්බර්.”

[صحيح] [رواه مسلم]

الشرح

සැබැවින්ම අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප වදන් හතරක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කරයි: "සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුවිශුද්ධය): ඉන් අදහස් කරනුයේ සියලු අඩුපාඩුවලින් උත්තරීතර අල්ලාහ්ව පිවිතිරු කිරීමය. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය): එනම් අල්ලාහ්ට ආදරය කරමින් හා ගරුබුහුමන් කරමින් සියලු පූර්ණවත් ගුණාංග තුළින් ඔහුව වර්ණනා කිරීමය. "ලා ඉලාහ ඉල්ලලාහු" එනම්: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. "අල්ලාහු අක්බර්" එනම්: අල්ලාහ් සෑම දෙයකට වඩා කීර්තිමත්, බලවත් හා තේජාන්විතයාණන්. ඒවායෙහි මහිමය හා කුසල් ලැබීමට ඒවා අනුපිළිවෙලට උච්ඡාරණය කළ යුතු නැත.

فوائد الحديث

ෂරීආ පිළිවෙතෙහි ඇති පහසුව, මෙම වදන් අතරින් කවර දෙයකින් ආරම්භ කළ ද හානියක් නැත.

التصنيفات

පොදුවේ කිවයුතු (දික්ර්) මෙනෙහි කිරීම්