එහි අල්ලාහ්ව මෙනෙහි නොකළාවූ එමෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත සලවාත් නොපැවසුවා වූ සභාවක පිරිසක්…

එහි අල්ලාහ්ව මෙනෙහි නොකළාවූ එමෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත සලවාත් නොපැවසුවා වූ සභාවක පිරිසක් වාඩි වන්නනේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් වෙත එමඟින් දැඩි කම්පාවක් ඇතිවනු මිස නැත.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “එහි අල්ලාහ්ව මෙනෙහි නොකළාවූ එමෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත සලවාත් නොපැවසුවා වූ සභාවක පිරිසක් වාඩි වන්නනේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් වෙත එමඟින් දැඩි කම්පාවක් ඇතිවනු මිස නැත.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.]

الشرح

තම සිතින් හා තම දිවෙන් අල්ලාහ් මෙනෙහි නොකළ, ඔහුගේ දූතයාණන් පිළිබඳ මෙනෙහි නොකළ හා එතුමා වෙත සලවාත් නොපැවසූ සභාවක වාඩි වී නැගිට යන පිරිසකට අලාභය හා කම්පාව හිමි බව මෙම හදීසය පෙන්වා දෙයි. මෙවන් සභාවන් හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වෙත දැඩි කම්පාවක් ගෙන දෙනු ඇත. හේතුව සැබැවින්ම ඔවුන් එමගින් ප්රයෝජන ලබා නොමැති බැවිණි. අනුමත සභාවක් මෙසේ පිහිටිය යුතුව තිබිය දී අවලාද හා කේළම වැනි වෙනත් නපුරු ගුණාංගවලින් හෙබි තහනම් කරන ලද සභාවක තත්ත්වය කෙසේ වනු ඇත් ද? එබැවින් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත සලවාත් පවසමින් සභාවන් මෙහෙය වීම අත්යවශ්ය වන්නේය.

التصنيفات

පොදුවේ කිවයුතු (දික්ර්) මෙනෙහි කිරීම්