සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත

සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ යඃලා ෂද්දාද් ඉබ්නු අවුස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත. එබැවින් ඔබ මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට මරණ දඬුවම විධිමත්ව ක්‍රියාත්මක කරන්න. ඔබ සත්වයකුගේ ගෙල සිඳන විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද ඔබ අතරින් කෙනෙකු තම ආයුධය හොදින් මුවහත් කර ගත යුතුය. ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා කපා නිදහස් කළ යුතුය."

[صحيح] [رواه مسلم]

الشرح

සියලු කරුණු වල අල්ලාහ් අප වෙත කුණාව නියම කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. යහපත යනු: තම නැමදුම් කටයුතුවලදී ද, යහපත සිදු කරන අවස්ථාවේදී ද, මැවීම්වලට අත්වන හානිය වළක්වන අවස්ථාවේදී ද, නිරන්තරයෙන්ම අල්ලාහ් අධීක්ෂණය කරන බව හැඟීමය. අපරාධයක සම ප්‍රතිචාර දක්වන අවස්ථාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී යහපත පිළිපැදීම යනු: ඝාතනයට ලක්වූවන් සඳහා සම ප්‍රතිචාර දැක්වීමේ දී පහසුම, සැහැල්ලු සහ වේගවත්ම මාර්ගය තෝරා ගැනීමය. ආහාරය සඳහා සත්වයකු කපා හරින අවස්ථාවේ යහපත පිළිපැදීම යනු: මුවහත් ආයුධයකින් සතාව සැහැල්ලුවෙන් කැපීම, කපන ලද සතා බලා සිටිය දී ඌ ඉදිරියේ ආයුධය මුවුහත් නොකිරීම, ඌ බලා සිටිය දී ඌ ඉදිරියේ තවත් සතෙකු කපා නොහැරීම වැනි දෑ පිළිපැදීමය.

فوائد الحديث

මැවීම් කෙරෙහි වූ සර්වබලධාරී අල්ලාහ්ගේ කරුණාව හා මෛත්‍රිය.

මරණ දඬුවම හා ආහාරය සඳහා සතුන් කපා හැරීම විධිමත් විය යුත්තේ ආගමානුගත කරන ලද ක්‍රමයට අනුගත වීමෙනි.

ෂරීආ පිළිවෙතහි පවතින පූර්ණත්වය හා සියල්ල ආවරණ කර තිබීම. ඒ අතරින් සතුන්ට කරුණාව හා මෛත්‍රිය දැක්වීම ද ඇතුළත් වේ.

මිනිසෙකුට මරණ දඬුවම දීමෙන් පසු ඔහුගේ සිරුරු විකෘති කිරීමේ තහනම.

සතුන්ට වේදනා දෙන සෑම ක්‍රමයක්ම තහනම් කිරීම.