නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම)ය. නුඹලා මත…

නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම)ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.”

අබූ හුනෙය්ද් වාඉල් ඉබ්නු හිජ්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “වරක් යසීද් අල් ජඃෆීගේ පුත් වන සලමා අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. අහෝ අල්ලාහ්ගේ නබිවරය! නායකයෝ අපට එරෙහිව නැගී සිට ඔවුන්ගේ අයිතිය අපගෙන් ඉල්ලා සිටියද අපගේ අයිතිය ඔවුන් වළක්වන්නේ නම් ඔබ අපට අණ කර සිටින්නේ කුමක්දැයි ඔබ සිතන්නෙහි ද? එවිට එතුමා එය නොසළකා හැරියහ. පසුව නැවතත් එතුමාගෙන් විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පවසා සිටියහ. “නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම)ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

සලමා ඉබ්නු යසීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් තමන්ට අවනත වන මෙන් ද ඇහුන්කන් දෙන මෙන් ද පවසමින් ඔවුන් සතු අයිතිවාසිකම් ඉල්ලා සිටින නමුත් ඔවුන් මත පැවරුණු වගකීම් පැහැර හරින; ජනයාගේ අයිතිවාසිකම් ඔවුනට ඉටු නොකරන; ඔවුනට අපරාධ කරන; ඔවුනට බලහත්කාරකම් කරන නායකයින් පිළිබඳවව විමසා සිටියහ. එවිට එතුමා එය නොසළකා හැරියහ. එතුමා එම ප්රශ්නය පිළිකුල් කළාක් මෙන් විය. එහි දොරටුව විවෘත කිරීමට පිළිකුල් කළාක් මෙන් විය. නමුත් ඒ ගැන නැවතත් ප්රශ්නය ඇසූ තැනැත්තා විමසා සිටියේය. එවිට එතුමාණන් ඔවුනට ඔවුන්ගේ අයිතීන් ඉටු කරන මෙන් ද ඔවුනට පටවන ලද දෑ ඔවුන් වෙත පිහිටනු ඇතැයි ද අප වෙත පටවන දෑ අප මත පිහිටනු ඇතැයි ද පැවසීය. ඒ අනුව ඇහුන්කන් දීමත් අවනත වීමත් අප මත පටවා ඇත. ඔවුන් මත පටවා ඇත්තේ අප අතර යුක්ති සහගත ලෙස තීන්දු ලබා දීමත් කිසිවකුට අපරාධ නොකිරීමත් අල්ලාහ්ගේ ගැත්තන්හට ඔහු විසින් පැනවූ සීමාවන් ඉටු කිරීමත් අල්ලාහ්ගේ භූමියේ අල්ලාහ්ගේ පිළිවෙත ස්ථාපිත කිරීමත් අල්ලාහ්ගේ සතුරන් සමග අරගල කිරීමත් වේ.

التصنيفات

පාලිතයන් කෙරෙහි පාලකයකුගේ යුතුකම