إعدادات العرض
“ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස…
“ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Русский Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە ไทย دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська Azərbaycan ქართული тоҷикӣ bm Malagasy Македонскиالشرح
ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටින තත්ත්වයේය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඊට හේතුව සැබැවින්ම සලාත් ඉටු කරන්නා ඔහු සුජූද්හි සිටිය දී සර්වබලධාරී අල්ලාහ්ට යටහත් පහත්ව නිහතමානීව තම ශරීරයේ උසස් හා ඉහළම අවයව මහපොළොව මත තබමින් සලාත් ඉටු කරන බැවිනි. සුජූද්හි අධික ලෙස ප්‍රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එම යටහත්භාවය තුළ වචනයෙන් හා ක්‍රියාවෙන් ඒකාබද්ධ වී ඇති බැවිනි.فوائد الحديث
අවනතභාවය උත්තරීතර අල්ලාහ්ගේ සමීපත්වය වැඩි කරනු ඇත.
ප්‍රාර්ථනාවන් පිළිගනු ලබන ස්ථාන අතරින් සුජූද් ඉරියව්ව ද එකක් වන බැවින් එහි අධික ලෙස ප්‍රාර්ථනා කිරීම සතුටුදායක ය.