إعدادات العرض
කවරෙකුට පැවරුම් ආරක්ෂා කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ඊමාන් හෙවත් විශ්වාසය නැත. කවරෙකුට ගිවිසුම් ඉටු කිරීමේ වගකීම…
කවරෙකුට පැවරුම් ආරක්ෂා කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ඊමාන් හෙවත් විශ්වාසය නැත. කවරෙකුට ගිවිසුම් ඉටු කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ආගමක් නැත
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසමින් මිස අපට දේශනා කළේ නැත. එනම්: "කවරෙකුට පැවරුම් ආරක්ෂා කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ඊමාන් හෙවත් විශ්වාසය නැත. කවරෙකුට ගිවිසුම් ඉටු කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ආගමක් නැත."
[حسن لغيره] [رواه أحمد]
الترجمة
العربية Tiếng Việt Indonesia Nederlands Kiswahili অসমীয়া English ગુજરાતી Magyar ქართული Hausa Română ไทย Português मराठी ភាសាខ្មែរ دری አማርኛ বাংলা Kurdî Македонски Tagalog తెలుగు Українська ਪੰਜਾਬੀ മലയാളം Moore پښتو ಕನ್ನಡ Türkçe Bosanski हिन्दीالشرح
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි: කරුණු දෙකක් මෙනෙහි කිරීමෙන් තොරව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපදෙසක් හෝ දේශනාවක් කිරීම විරල විය. පළමුවැන්න: තමන් භාරයේ තබන ලද කිසිවකුගේ ධනය, ජීවිතය හා පවුල සම්බන්ධයෙන් වංචාවක් සිදු වන්නේ ද එවන් අයකුට පූර්ණ දේව විශ්වාසය නැත. දෙවැන්න: කවරෙකු ගිවිසුම්, ප්‍රතිඥා කඩ කරමින් ඒවායෙහි වංචනික ලෙස කටයුතු කරන්නේ ද ඔහුට පූර්ණ ආගමක් නැත.فوائد الحديث
පැවරුම් ඉටු කිරීමටත් ගිවිසුම් පූර්ණවත් කිරීමටත් දිරි ගැන්වීම. මක්නිසාද යත් ඒවා කඩ කිරීමෙන් දේව විශ්වාසය කඩ වී යන බැවිනි.
පවරුම් හි වංචනිකව කටයුතු කිරීම හා ගිවිසුම් කඩ කිරීම ගැන දැඩි අවවාදය. සැබැවින්ම ඒවා මහා පාපකම් අතරිනි.
අල්ලාහ් හා ඔහුගේ ගැත්තා අතර පවතින ගිවිසුම් හා පැවරුම් මෙන්ම මැවීම් අතරින් ඔවුන් එකිනෙකා අතර පවතින ගිවිසුම් හා වගකීම් ඉටු කිරීම මෙම හදීසය ආවරණය කර ගෙන ඇත.
التصنيفات
ප්රශංසනීය සාරධර්ම