මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන හෝ දේව ප්රතික්ෂේප භාවය ගැන හෝ ඈඳා චෝදනා නගන්නේ ද අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය…

මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන හෝ දේව ප්රතික්ෂේප භාවය ගැන හෝ ඈඳා චෝදනා නගන්නේ ද අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු මිස නැත.

අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මෙසේ වාර්තා කරන ලදී.: “මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන හෝ දේව ප්රතික්ෂේප භාවය ගැන හෝ ඈඳා චෝදනා නගන්නේ ද අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු මිස නැත.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.]

الشرح

මිනිසෙකු තම සගයාට ‘ෆාසික් - දුෂ්ඨයා හෝ කාෆිර් -දේව ප්රතික්ෂේපකයා යනුවෙන් පැවසීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. ඊට හේතුව අදාළ පුද්ගලයා එසේ නොවී නම් එම ප්රකාශය එසේ ප්රකාශ කරන තැනැත්තා වෙතම නැවත හැරී එනු ඇත.

التصنيفات

දේව ප්රතික්ෂේපය, දුෂ්ටකම