ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය පිරිනමන අතයි. පහළ අත යනු එය ඉල්ලා සිටින අතයි.

ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය පිරිනමන අතයි. පහළ අත යනු එය ඉල්ලා සිටින අතයි.

ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මින්බර් වේදිකාව මත සිට දානය පිළිබඳත් ඉල්ලා සිටීමෙන් වැළකී සිටීම පිළිබඳත් මතක් කරමින් මෙසේ පවසා සිටියහ. ((ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය වියදම් කරන අතයි. පහළ අත යනු එය ඉල්ලා සිටින අතයි.))

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

සදකා නොහොත් දානයේ මහිමය පිළිබඳවත් ජනයාගෙන් ඉල්ලා සිටීමේ පහත් භාවය පිළිබඳවත් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා දන්වා සිටියහ. තවදුරටත් එතුමාණෝ: අල්ලාහ්ට යටත් වීමේ කටයුතුවලදී තම ධනය පිරිනමා වියදම් කරන මිනිසා මිනිසුන්ගේ ධනය ඔවුන්ගෙන් ඉල්ලා සිටින පුද්ගලයින්ට වඩා උතුම් බවත් දන්වා සිටියහ.

التصنيفات

අනිවාර්ය නොවන පුණ්යාධාරය, වියදම්