ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. එසේ ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු, ඔබ මරා දැමීමට පෙර ඔබ සිටි තත්ත්වයේ ඔහු වන්නේය.…

ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. එසේ ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු, ඔබ මරා දැමීමට පෙර ඔබ සිටි තත්ත්වයේ ඔහු වන්නේය. එමෙන්ම ඔබ, ඔහු ප්රකාශ කළ ප්රකාශය ප්රකාශ කිරීමට පෙර ඔහු සිටි තත්ත්වයේ ඔබ වන්නෙහිය.

අල්-මික්දාද් ඉබ්නු අල්-අස්වද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දේවත්වය ප්රතික්ෂේප කළ ප්රචණ්ඩකාරී මිනිසෙකු මා හමු වී අපි එකිනෙකා සටන් වැද ඔහු මගේ අත් දෙකින් එකකට කඩුවෙන් පහර දී එය කපා හැරියේය. පසුව මගෙන් වෙන්ව ගසකට මුවා වී පසුව මම අල්ලාහ්ට යටත් වෙමි යැයි පැවසීය. අල්ලාහ්ගේ දූතයාණනි, එය ඔහු පැවසුවායින් පසුව ඔහුව මා මරා දැමීම ගැන ඔබ අදහස් කරනුයේ කෙසේ ද? එවිට එතුමා “ඔබ ඔහු මරා නොදැමිය යුතුයි” යැයි පැවසූහ. පසුව මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු මගේ අත් දෙකින් එකක් කපා ඇත. ඔහු එය පැවසුයේ කපා දැමුවායින් පසුවය.? යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ: “ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. එසේ ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු, ඔබ මරා දැමීමට පෙර ඔබ සිටි තත්ත්වයේ ඔහු වන්නේය. එමෙන්ම ඔබ, ඔහු ප්රකාශ කළ ප්රකාශය ප්රකාශ කිරීමට පෙර ඔහු සිටි තත්ත්වයේ ඔබ වන්නෙහිය.” යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

අල්-මික්දාද් ඉබ්නු අල්-අස්වද් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. දේවත්වය ආදේශ කරන්නන් අතරින් මිනිසෙකු මා හමු වී අප දෙදෙනා සටන් වැද ඔහු මගේ අත් දෙකින් එකකට කඩුවෙන් පහර දී එය කපා දමා මගෙන් වෙන්ව ගසකට මුවා වී පසුව ‘නැමදුමට සුදුසු අලල්ලාහ් හැර වෙනත් දෙවියකු නැතැ’යි පවසා සිටී. එය ඔහු පැවසුවායින් පසු ඔහුව මා මරා දැමීම ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද? එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා “ඔබ ඔහු මරා නොදැමිය යුතුයි” යැයි පැවසූහ. ඔහු එසේ පවසා සිටියේ මගේ අත් දෙකින් එකක් කපා හැරීමෙන් පසුවය. එමෙන්ම ඔහු එය පවසා සිටියේ ඝාතනයට ලක් නොවනු පිණිස නොවේද? යැයි විමසා සිටියේය. එවිට එතුමාණෝ: “ඔබ ඔහු මරා නොදැමිය යුතුයි. ඔහු එසේ පැවසූ පසු ඔබ ඔහු මරා දැමුවේ නම්, සැබැවින්ම ඔහු එය පැවසුවායින් පසුව ඔබ ඔහු මරා දැමීමට පෙර ආරක්ෂිතව සිටි තත්ත්වයේ ඔහු වනු ඇත. එමෙන්ම ඔබ, ඔහු ප්රකාශ කළ ප්රකාශය පවසා සිටීමට පෙර ලේ හැළීමේ තත්ත්වයේ ඔබ වනු ඇත.” යැයි පැවසූහ.

التصنيفات

ඉස්ලාමය