කම්මුල්වලට පහර දී සාක්කු ඉරා ගෙන අඥාන යුගයේ ප්රාර්ථනාවෙන් ප්රාර්ථනා කළ අය අප අතරින් නොවන්නේය.

කම්මුල්වලට පහර දී සාක්කු ඉරා ගෙන අඥාන යුගයේ ප්රාර්ථනාවෙන් ප්රාර්ථනා කළ අය අප අතරින් නොවන්නේය.

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කම්මුල්වලට පහර දී සාක්කු ඉරා ගෙන අඥාන යුගයේ ප්රාර්ථනාවෙන් ප්රාර්ථනා කළ අය අප අතරින් නොවන්නේය.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

අල්ලාහ් නැවත ගත් දෑ හා ඔහු පිරිනැමූ දෑ යන සියල්ල ඔහු සතුමය. මෙහි පූර්ණ ප්රඥාවක් හා නිවැරදි ගනුදෙනුවක් සඳහන්ව ඇත. කවරෙකු මෙහිදී එය පිටුපාමින් එය වළක්වන්නට බලන්නේ ද එය අල්ලාහ්ගේ තීන්දුවට හා ඔහුගේ නියමයට පිටුපෑමක් සේ වන්නේය. එය ප්රඥාවේ හා දැහැමි කමේ මූලයයි. යුක්තියේ හා නිවැරදි කමේ අත්තිවාරමයි. එබැවින් එම තරවටුව හා වැළැක්වීම ප්රයෝජනවත් වන පරිදි ‘කවරෙකු අල්ලාහ්ගේ තීන්දුවට කෝප වී උරණ වන්නේ ද සැබැවින්ම එම පාපය මහා පාපයන්ගෙන් එකක්’ බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දැඩි ලෙස අවවාද කර ඇත.

التصنيفات

අඥාන යුගයේ ගැටළු