“කම්මුල්වලට පහර දී, සාක්කු ඉරාගෙන, අඥාන යුගයේ ප්‍රාර්ථනාවන් උසුරා ප්‍රාර්ථනා කළ අය අප අතරින් නො වන්නේය.”

“කම්මුල්වලට පහර දී, සාක්කු ඉරාගෙන, අඥාන යුගයේ ප්‍රාර්ථනාවන් උසුරා ප්‍රාර්ථනා කළ අය අප අතරින් නො වන්නේය.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කම්මුල්වලට පහර දී, සාක්කු ඉරාගෙන, අඥාන යුගයේ ප්‍රාර්ථනාවන් උසුරා ප්‍රාර්ථනා කළ අය අප අතරින් නො වන්නේය.”

[صحيح] [متفق عليه]

الشرح

අඥාන යුගයේ මිනිසුන් කළ ක්‍රියාවන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළ අතර ඒවා වැළැක්වූහ. එමෙන්ම "ඔහු අපෙන් කෙනෙකු නොවේ" යැයි ද පවසා සිටියහ. පළමුවැන්නා: කම්මුල්වලට පහර දෙන්නාය. විශේෂයෙන් කම්මුලට පහර දීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ බහුතරයක් එලෙස කරන බැවිනි. එසේ නොමැතිනම්, මුහුණේ ඉතිරි කොටස්වලට පහර දීම ද එම තහනම තුළට ඇතුළත් වේ. දෙවැන්නා: හිස එහි ඇතුළත් කළ හැකි පරිදි වස්ත්‍රයේ විවර ව ඇති දෑ අධික කණස්සල්ල හේතුවෙන් ඉරා දැමීමය. තුන්වැන්න: පූර්ව-ඉස්ලාම් යුගයේ මිනිසුන් කන්නලව් කොට ප්‍රාර්ථනා කළ දෑට උදාහරණ නම් ශාප කරගැනීම, වැළපීම, විනාශය ප්‍රාර්ථනා කිරීම හා එවැනි වෙනත් අකටයුතු වේ.

فوائد الحديث

හදීසයේ සඳහන් මෙම අවවාදය පෙන්වා දෙනුයේ මෙම ක්‍රියාවන් සියල්ල මහා පාපකම් ගණයට අයත් වන බවය.

පරීක්ෂණයක දී ඉවසා සිටිය යුතුය. අල්ලාහ් විසින් නියම කරන ලද වේදනා සහගත නියමයන් සම්බන්ධයෙන් කෝප වීම තහනම් කර ඇත. ඉන් ඉස්මතු වනුයේ, මොර දී කෑ ගැසීම, වැලපීම, හිස බූගෑම, ඇදුම් ඉරා ගැනීම හා වෙනත් අකටයුතු ය.

අල්ලාහ් අනුමත නොකළ කාරණාවලදී පූර්ව ඉස්ලාම් යුගයන් අනුකරණය කිරීම තහනම්ය.

දුක් වීමේ සහ හැඬීමේ වරදක් නැත. මන්ද එය සර්වබලධාරි අල්ලාහ්ගේ නියෝගයට පටහැනි නොවන නිසාය. නියත වශයෙන්ම එය ඥාතීන්ගේ සහ ආදරණීයයන්ගේ හදවත් තුළ අල්ලාහ් තබා ඇති කරුණාවයි.

අල්ලාහ්ගේ නියමය මුස්ලිම්වරයා පිළිගත යුතුය. එසේ ඔහු එය පිළි නොගත්ත ද එය ඉවසා දරා ගත යුතුය.

التصنيفات

අඥාන යුගයේ ගැටළු