අහෝ අල්ලාහ්, මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ ඒ ගැන දන්නා දෑටත්…

අහෝ අල්ලාහ්, මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ ඒ ගැන දන්නා දෑටත් මට සාමව දෙනු මැනව!

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්රාර්ථනාව අයැදිමින් සිටි බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. اللهم اغفر لي خطيئتي وجهلي، وإسرافي في أمري، وما أنت أعلم به مني، اللهم اغفر لي جِدِّي وَهَزْلِي، وَخَطَئِي وَعَمْدِي ،وكل ذلك عندي، اللهم اغفر لي ما قدمت وما أخرت، وما أسررت وما أعلنت، وما أنت أعلم به مني، أنت الْمُقَدِّمُ وأنت الْمُؤَخِّرُ، وأنت على كل شيء قدير තේරුම: (අහෝ දෙවියනි! මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ දෙවියනි! මාගේ උවමනාවටත් මාගේ දුර්වලකමටත් මාගේ වරදටත් මා ඕනෑකමින් කළ දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ අල්ලාහ් මා පෙර කළ දෑටත් මා පසු කළ දෑටත් මා රහසිගතව කළ දෑටත් මා ප්රසිද්ධියේ කළ දෑටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මම ඔබෙන් සමාව අයැදිමි. ඔබයි ප්රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.)

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

අල්ලාහ් ඉදිරියේ යටහපත් පහත්ව බැගෑපත්ව, ඔහුගෙන් සමාව අයැදීමේ ස්වරූපය හා ක්රමය ඇතුළත් මෙම මහඟු ප්රකාශයන් ඉදිරිපත් කරමින් තම සියලු පාපයන් හා වැරදි වලට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ සමාව අයැදින්නෙකු වූහ. එතුමාට අනුගත වෙමින් මෙම ප්රාර්ථනාවන් තුළින් අල්ලාහ්ගෙන් අයැද සිටීම මුස්ලිම්වරයාගේ පුරුද්ද විය යුතුය.

التصنيفات

නබි පිළිවෙත තුළ පැවති ප්රාර්ථනාවන්