සෑම මසකම දින තුනක උපවාසයේ නිරත වීම සම්පූර්ණ වසරක් උපවාසයේ නිරත වීමකි.

සෑම මසකම දින තුනක උපවාසයේ නිරත වීම සම්පූර්ණ වසරක් උපවාසයේ නිරත වීමකි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සෑම මසකම දින තුනක උපවාසයේ නිරත වීම ඔහු සම්පූර්ණ වසරක් උපවාසයේ නිරත වීමකි.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

කීර්තිමත් සහගාමියෙකු වූ අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා උපවාසයේ නිරත වීමට අධිෂ්ඨාන කර ගනිමින් එහි අඛණ්ඩව නිරත වන්නට ගත්තේය. එවිට නබි (සල්ලලාලහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම සඳහා ඔහුට මග පෙන්වූහ. ඊට හේතුව සැබැවින්ම එය ප්රතිඵල වශයෙන් සම්පූර්ණ වසරක් උපවාසයේ නිරත වීමට සමාන වන බැවිණි. එනම් යහපතට ඒ හා සමාන දස ගුණයක කුසල් හිමිය. එවිට මෙය දින තිහකට සමාන වන්නේය. ඒ අනුව ඔහු සෑම මසකම දින තුනක උපවාසයේ නිරත වූයේ නම් ඔහු සම්පූර්ණ වරසක් උපවාසයේ නිරතවූවාක් මෙන් වනු ඇත.

التصنيفات

ස්වෙච්ඡාවෙන් රකින අතිරේක උපවාසය