إعدادات العرض
“කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර් යය සලාතය ළඟා වී පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය කර, බැතිමත්භාවය හා ඊට…
“කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර් යය සලාතය ළඟා වී පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය කර, බැතිමත්භාවය හා ඊට අදාළ මූලිකාංග නිසි අයුරින් සිදු කරන්නේ ද ඔහු මහා පාපයක් සිදු නොකරන තාක් කල් ඊට පෙර පැවති පාපකම් වලට එය ප්‍රතිකර්මයක් වනු ඇත. එය කාලය පුරාවටම පවතිනු ඇත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර් යය සලාතය ළඟා වී පසුව ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය කර, බැතිමත්භාවය හා ඊට අදාළ මූලිකාංග නිසි අයුරින් සිදු කරන්නේ ද ඔහු මහා පාපයක් සිදු නොකරන තාක් කල් ඊට පෙර පැවති පාපකම් වලට එය ප්‍රතිකර්මයක් වනු ඇත. එය කාලය පුරාවටම පවතිනු ඇත.”
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Español Hausa Kurdî Português Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు ไทย മലയാളം Српски Kinyarwanda ಕನ್ನಡ Lietuviųالشرح
කවර මුස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවාර්යය සලාතයේ වේලාව ප්‍රවේශ වී, ඔහු ඒ සඳහා වන වුළූ ධෝවනය නිසිලෙස කරමින් එය පූර්ණවත් කර, අල්ලාහ්ගේ තේජාන්විතභාවය ඉදිරියට ගෙනැවිත් ඔහු වෙත තම සිත හා සෙසු අයවය පිහිටවා තම සලාතයේ බැතිමත් භාවය රකිමින් සලාතයේ රුකූඋ, සුජූද් හා සෙසු ඉරියව්වන් පූර්ණවත් කරන්නේ ද ඔහු මහා පාපයක් සිදු නොකරන තාක් කල්, ඊට පෙර සිදු කළ කුඩා පාපකම් වලට එම සලාතය ප්‍රතිකර්මයක් වනු ඇත. මෙම භාග්‍යය කාලය පුරාවටම පවතින අතර සෑම සලාතයකම සිදුවනු ඇත.فوائد الحديث
පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වන සලාතය නම්, ගැත්තා එහි වුළූ ධෝවනය නිසි ලෙස සිදු කර උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය සොයමින් බැතිමත්කමින් එය ඉටු කරන සලාතයයි.
නැමදුම්වල අඛණ්ඩව නියැලීමේ මහිමය. සැබැවින්ම ඒවා සුළු පාපකම් සඳහා සමාවට හේතු වන්නේය.
වුළූ ධෝවනය නිසි ලෙස සිදු කිරීම, සලාතය විධිමත් ලෙස ඉටු කිරීම හා එහි ඇති කරගන්නා ශ්‍රද්ධාවේ මහිමය.
සුළු පාපකම් සඳහා සමාව ලබන්නට මහා පාපකම්වලින් වැළකී සිටීමේ වැදගත්කම.
මහා පාපකම් සඳහා තව්බාව නොහොත් පශ්චාත්තාපයේ නියැළීමෙන් තොරව සමාව දෙනු නොලැබේ.
التصنيفات
සලාතයේ මහිමය