إعدادات العرض
“ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම…
“ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොර දී විලාප දීමය.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොර දී විලාප දීමය.”
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Português Nederlands অসমীয়া Tiếng Việt Kiswahili ગુજરાતી አማርኛ پښتو ไทย Română മലയാളം Deutsch Oromoo नेपालीالشرح
ජනයා අතර පවතින දේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවන් හා අඥාන යුගයේ සිරිත්විරිත් අතරින් කරුණු දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ දෙක නම්: පළමුවැන්න: මිනිස් පරම්පරාවන් පිළිබඳ අපහාස කිරීම, ඔවුන් පිළිබඳ අඩුපාඩු පැවසීම හා ඔවුනට එරෙහිව අහංකාරකම් පෑමය. දෙවැන්න: අනතුරක් සිදු වූ අවස්ථාවක පෙර නියමය මත ඇති කෝපයෙන් කෑ ගැසීම හෝ දැඩි පීඩනය හේතුවෙන් ඇඳුම් ඉරා ගැනීමය.فوائد الحديث
මිනිසුන් අතර අහංකාර නොවී, සරලකම පිළිපැදීමට දිරිගැන්වීම.
දුෂ්කරතා මත කෝප නොවී ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
මෙම ක්‍රියාවන් අල්-කුෆ්ර් අල් අස්ගර් හෙවත් සුළු දේව ප්‍රතික්ෂේපයේ ගණයට අයත් වේ. මෙය තම පිළිවෙතින් බැහැර කරන, දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයකු බවට පත් කරවන අයුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කිරීමේ කටයුත්තක් නොවේ.
මුස්ලිම්වරුන් අතර සිටින පාර්ශවයක් වෙත, ඔවුන්ගේ පරම්පරාව ගැන හෝ ඔවුන්ගේ වෙනත් කරුණක් සම්බන්ධයෙන් හෝ දොස් නැගීම හරහා වෙන්වීම් ඇති කරන සෑම කටයුත්තක්ම ඉස්ලාමය වළක්වා ඇත.
التصنيفات
දේව ප්රතික්ෂේපය