යුදෙව්වන් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නොමඟ ගිය පිරිසකි

යුදෙව්වන් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නොමඟ ගිය පිරිසකි

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අදී ඉබ්නු හාතිම් විසින් මෙසේ වාර්තා කරන ලදී. "යුදෙව්වන් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නොමඟ ගිය පිරිසකි."

[صحيح] [رواه الترمذي]

الشرح

යුදෙව්වන් සත්‍යය දැන දැනත් ඒ අනුව කටයුතු නො කළ බැවින් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසක් යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එමෙන්ම කිතුනුවන් කිසිදු දැනුමකින් තොරව ක්‍රියා කළ බැවින් ඔවුන් නො මඟ ගිය පිරිසක් බවත් එතුමාණෝ දැනුම් දුන්හ.

فوائد الحديث

දැනුම හා ක්‍රියාව ඒකාබද්ධ කිරීම, කෝපයට පත් වූවන්ගේ සහ නොමග ගියවුන්ගේ මාර්ගයෙන් ගැලවීමේ මාර්ගයකි.

යුදෙව්වන්ගේ සහ කිතුනුවන්ගේ වැරදි මාර්ගයට එරෙහිව අනතුරු ඇඟවීම සහ ඉස්ලාමය වන සෘජු මාර්ගයට බැඳී සිටීම.

යුදෙව්වන් සහ කිතුනුවන් යන සෑම පිරිසක්ම නො මඟ ගිය අයවලුන් වන අතර ඔවුන් කෝපයට ද ලක් වුහ. නමුත් යුදෙව්වන් පිළිබඳ වඩාත් සුවිශේෂී ප්‍රකාශය වූයේ ඔවුන් කෝපයට ලක් වූ පිරිසක් බවයි. එමෙන්ම කිතුනුවන් පිළිබඳ වඩාත් සුවිශේෂී ප්‍රකාශ වූයේ ඔවුන් නො මඟ ගිය පිරිසක් බවයි.

التصنيفات

ඉස්ලාමය, වාක්ය වල අර්ථ විවරණය