إعدادات العرض
“සෑම රාත්‍රියකම, රාත්‍රියේ තුනෙන් අවසාන කොටස පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී
“සෑම රාත්‍රියකම, රාත්‍රියේ තුනෙන් අවසාන කොටස පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සෑම රාත්‍රියකම, රාත්‍රියේ තුනෙන් අවසාන කොටස පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී ‘කවරෙකු මා අමතන්නේ ද? මම ඔහුට පිළිතුරු දෙමි. කවරෙකු මගෙන් විමසන්නේ ද? මම ඔහුට පිරිනමමි. කවරෙකු මගෙන් සමාව අයදින්නේ ද? මම ඔහුට සමාව දෙමි.” යැයි පවසයි."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Русский 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Hausa دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Deutsch Moore Українська Български Wolof Azərbaycan ქართული тоҷикӣ bm Македонскиالشرح
සෑම රාත්‍රියකම, රාත්‍රියේ කොටස් තුනෙන් අවසන් කොටස පවතින විට, උත්තරීතර අල්ලාහ් මෙලොව අහසට පහළ වන බවත්, ඔහුගේ ගැත්තන් ඔහුව ඇමතීම ගැන ඔහු සතුටු වන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එසේම ඔහුව අමතන්නන් හට ඔහු පිළිතුරු දෙන්නාය. ඔවුන් කැමති දෑ ඔහුගෙන් ඉල්ලීමට ඔහු ඔවුන්ව පොළඹවයි. ඔහුගෙන් ඉල්ලන අයට ඔහු පිරිනමන්නාය. ඔවුන් පසුතැවිලි වී පාපක්ෂමාව පතන්නේ නම්, එසේ පාපක්ෂමාව පතන මුඃමින්වරුන්ට ඔහු සමාව දෙන්නාය.فوائد الحديث
රාත්‍රියේ කොටස් තුනෙන් අවසන් කොටසේ පවතින මහිමය, එහි සලාත් ඉටු කිරීම, ප්‍රාර්ථනා කිරීම හා පාපක්ෂමාවෙහි නිරත වීමේ මහිමය.
පුද්ගලයකු මෙම හදීසය සවන් දෙන අවස්ථාවේ, ප්‍රාර්ථනාවන් පිළිගනු ලබන වේලාවන්
ගෙන් හැකි පමණින් ප්‍රයෝජනයට ගැනීමට ඔහු දැඩි සේ උනන්දු විය යුතුය.
التصنيفات
නාම හා ගුණාංග ඒකීයකරණය