ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත

ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත."

[صحيح] [رواه مسلم]

الشرح

සලාත් ඉටු කරන්නාගේ මනස ආශා කරන, ඔහුගේ හදවත බැඳී ඇති ආහාර වේලක් ඉදිරියේ සලාත් ඉටු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ. එමෙන්ම මළ මූත්‍රා දරා ගැනීමෙන් ඇති වන පීඩනය තුළ තමන් දෝලනය වන බැවින් ඒ අවස්ථාවන්හි ද සලාතය ඉටු කිරීම එතුමාණෝ වැළැක්වූහ.

فوائد الحديث

සලාත් ඉටු කරන්නා එහි නිරත වීමට පෙර තමන් වෙනතකට යොමු කරන සියලු දැයින් දුරස් විය යුතුය.

التصنيفات

සලාතය ඉටු කරන්නන් විසින් සිදුවන වැරදි