“නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා…

“නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

الشرح

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හැර වෙනත් කිසිවකු ස්වර්ගයට ඇතුලු වන්නේ නැති බවත් ඔවුන් එකිනෙකා අතර ආදරය දක්වන තෙක් මුස්ලිම් සමාජ තත්ත්වයන් විධිමත් නොවන බවත් විශ්වාසය ඇති කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව, ආදරය ආවරණය කරන උතුම් කටයුත්තක් වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. එනම් මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීමය. එය අල්ලාහ් තම ගැත්තන් හට, සුබවාදයක් හා පඬුරක් බවට පත් කර ඇත.

فوائد الحديث

දේව විශ්වාසයෙන් තොරව ස්වර්ගයට ඇතුලු විය නො හැකිය.

මුස්ලිම්වරයකු තමන් කැමති දෑ තම සහෝදරයාටත් හිමි වීම ගැන ප්‍රිය කිරීම ඔහුගේ ඊමානයේ පරිපූර්ණභාවයයි.

මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීම එය හුවමාරු කිරීම සතුටු දායකය. හේතුව එහි මිනිසුන් අතර ආදරය, ආරක්ෂාව ව්‍යාප්ත වීමක් සිදුවන බැවිනි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් 'නුඹලා අතර' යන පදය භාවිතා කර ඇති බැවින් සලාමය මුස්ලිම්වරයකු හට මිස වෙනත් කිසිවෙකු හට පවසනු නො ලැබේ.

සලාමය පතුරුවා හැරීමෙන් වෛරය, ක්‍රෝධය හා අමනාපකම් පහ වී යයි.

මුස්ලිම්වරුන් අතර ආදරය දැක්වීමේ වැදගත්කම. සැබැවින්ම එය ද ඊමානයේ පරිපූර්ණත්වයෙන් එකකි.

සලාම් පවසන ක්‍රමය වෙනත් හදීසයක මෙසේ වාර්තා වී ඇත. "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු." කෙසේ වෙතත් "අස්සලාමු අලයිකුම්" යනුවෙන් පැවසීම ද ප්‍රමාණවත්ය.

التصنيفات

කය හා බැඳුණු ක්රියාවන්හි මහිමයන්